වෛද්‍යවරුන් සිය පියාගේ කොරෝනා ආසාදන තත්ත්වයට ටොසිලිසුමාබ් නමැති ඖෂධය ලබා දෙන ලෙස දැනුම් දුන්නද එම ඖෂධය සොයා ගැනීමට
නොහැකි වීමෙන් වෛද්‍යවරුයකු වන සිය පියා මියගිය බව රොහාන් ජයසිංහ  කියා සිටියේය.
 
එසේ මියගොස් ඇත්තේ ප්‍රකට වෛද්‍යවරයකු වන සතිෂ් ජයසිංහයි.
 
 
 
 
රාජ්‍ය ඖෂධ අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන 'ටොසිලිසුමාබ්' ඖෂධය රටේ ඇති බවට කියා සිටියද තමන්ට කිසිදු තැනකින් හෝ එම ඖෂධය සොයාගත නොහැකි වූ බවද රොහාන් ජයසිංහ කියා සිටියේය.
 
මෙම ටොසිලිසුමාබ් ඖෂධය රට තුළ හිග බවට පළමු වතාවට පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යි. 
 
 
 
 
අත්‍යවශ්‍ය ඖෂධ 40 ක් නැහැ !
 
 
මුළු රටම අතිශය භයානක අයුරින් කොවිඩ් රැල්ලක ශීඝ්‍ර නැඟීමත් සමඟ කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා  ටොසිලිසුමාබ් නමැති  එන්නත රජයේ රෝහල්වල හිඟ වීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇතැයි 'මව්බිම' පුවත්පත ද වාර්තා කර තිබේ.
 
එම එන්නත සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍ය කාර්ය මණ්ඩලද අතිශය අසීරුතාවට පත්ව සිටී. එම එන්නත රජයේ කිසිදු රෝහලක සොයා ගැනීමට නොහැකි බවට තොරතුරු වාර්තා වන අතර පෞද්ගලික අංශය තුළදී පවා එම එන්නත් මිලදී ගැනීම අතිශය දුෂ්කර කාර්යක් වී තිබේ. 
 
WhatsApp Image 2021 08 20 at 8.02.28 AM 
 
එම එන්නත මෙන්ම මෙරට ප්‍රධාන රෝහල්වල හෘද රෝගීන්ට හා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලෙස ලබා දෙන තවත් ඖෂධ වර්ග 40කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවටද තොරතුරු වාර්තාවේ. 
 
කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා  'ටොසිලිසුමාබ්' නම් එන්නතේ මාත්‍රා ප්‍රමාණය අවශ්‍යතාව අනුව එක් එක් රෝගියාගෙන් රෝගියාට වෙනස් වන අතර සමහර රෝගීන්ට එම එන්නතේ මාත්‍රා  2ක් හෝ 3ක් පවා ලබා දීමට සිදුවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. 
 
එම එන්නතේ හිඟතාව හේතුවෙන් කොවිඩ් නිව්මෝනියාවට පත්වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ඇති අවකාශය තවදුරටත් සීමා වීම අතිශය ගැටලුකාරිය.
 
  
මෙසේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 40ක  ප්‍රමාණයක් ගෙන්වීමට අදාළ ටෙන්ඩර් අනුමැතිය පවා හිමි වී ඇති බවද වාර්තාවේ. එම ඖෂධ ඇනවුම් කර ඇති බවත් අදාළ ණයවර ලිපි පවා විවෘත කර ඇතත් තවමත් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් කර ගත නොහැකි බවත් පැවැසේ.  
 
 
අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකමින් රෝගී ජීවිත පිළිබඳව අවිනිශ්චිත බවක් නිතැතින්ම ඇතිවේ. මෙවන් වසංගත සමයක එය අතිශය බරපතළ තත්ත්වයක් උදා කරන බවට නොරහසකි. 
 
මේ අදාළ ටෙන්ඩර් ලිපි සඳහා ණයවර ලිපි භාරදීම සිදු කරනුයේද රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපතිගේ ප්‍රධානත්වයකින් යුත් කමිටුවක් මඟින් බවට හෙළිවේ. 
 
අංශ ප්‍රධානීන් හෝ ප්‍රධාන කළමනාකරුවන් ආදී එම සංස්ථාවේ ප්‍රධාන තනතුරුවල පිරිස් සිටියද එම ණයවර ලිපි විවෘත කිරීම කෙරෙනුයේ එම සංස්ථාවේ සභාපති කේන්ද්‍ර කොට ගනිමිනි. 
 
මේ සම්බන්ධයෙන් ලංකා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ පැවැසුවේ මේ වන විට රජයේ ප්‍රධාන රෝහල්වල ඖෂධ 40කට ආසන්න සංඛ්‍යාවක් නොව එයටත් වැඩි ප්‍රමාණයක හිඟයක් පවතින බවයි.
 
 
 
 
 
රජයේ රෝහල්වල නැති ඖෂධ වර්ග 40 මෙසේය.
 
 
1. Clindamycin phosphate Inj.300mg/2ml
 
2. Chloramphenicol Capsule 250mg
 
3. Chloramphenicol Inj.500mg
 
4. Norfloxacin Tablet 400mg
 
5. Itraconazole Caps 100mg
 
6. Sodium Nitroprusside Injection 50mg
 
7. Sodium Nitroprusside Injection
 
8. Phenoxybenzamine HCI Injection 100mg/2ml
 
9. Ephedrine Injection 30mg/1ml
 
10. Oxybutynine Hydrocloride Tablets 5mg
 
11. Lorazepam Injection 4mg in 1ml
 
12. Chloral Hydrate Oral Solution 500mg/5ml in 200ml bottle
 
13. Zuclopenthixol Inj.200mg/ml
 
14. Paracetamol Suppository 500mg
 
15. Melatonin Tablet 2mg
 
16. Alprazolam Tablet 0.5mg
 
17. Aripiprazole Tablet 10mg
 
18. Midazolam Nasal Spary 0.5mg/md,50 dose
 
19. Thiamine Tablet 100mg
 
20. Phytomenadione Tablets 5mg
 
21. Phosphate Tablet 500mg
 
22. Cholecalciferol Capsule/Tablet 1000 IU
 
23. Total Parenteral Nutrition in 500ml-1,500ml Collapsible Bag
 
24. Montelukast Sodium Tablets 10mg
 
25. Pneumococcal Vaccine single dose vial
 
26. Propylthiouracil Tablet 50mg
 
27. Testosterone Undecanoate Injection 250mg/1ml,4ml
 
28. White Soft Paraffin
 
29. Cytarabine Injection 100mg/5ml vial
 
30. Folinic Acid Tablet 15mg
 
31. Asparaginase 10,000 Unit Injection
 
32. Procarbazine Capsule 50mg
 
33. Azathioprine Tablet 50mg
 
34. Tacrolimus Capsule 0.5mg
 
35. Tamsulosin Capsule 0.4mg
 
36. Allopurinol Tablet 100mg
 
37. Atracurium Besylate Injection 25mg/2.5ml
 
38. Lidocaine Spray 10%, 50ml bottle
 
39. Methionine Tablet 500mg
 
40. Pralidoxime Chloride Injection 1g/20ml
 

 
THE LEADER TV 
 
ජීවිත රැසක් අනතුරේ ! : කෝවිඩ් නිව්මෝනියා එන්නත් හිඟයක් 
 
 
කොරෝනා කාලේ ගැබිණි අම්මලා ආරක්ෂා වන්නේ කොහොමද? 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්