අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු පැවසීය.

 එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

 

 

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සාධනීය ලෙස ගෙන ජනාධිපතිවරයා ඊට ඇහුම්කන් දුන් බව කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය හමුවේ පැවසිය.
 
 
 දින 7කට රට වසා තබන ලෙස මහ නාහිමිවරුන්, සෞඛ්‍ය වෘත්තීය සමිති හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉල්ලා තිබිණ.
 
 
 සති තුනක් රට වසා තබන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඊයේ දිනයේ ලිඛිත ඉල්ලිමක් කර තිබුනේ ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 10ක නායකයින් විසිනි. මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා විමල් විරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර සමගද දුරකථනය ඔස්සේ සාකච්ජා කර තිබිණ.
 
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අද පැවති කෝවිඩ් මර්ධන කමිටුවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ද සහභාගී වී තිබිණ. 
 
මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුයේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යමින් සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගෙනයෑම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.  
 
 
 
වෘත්තීය සමිතිවලින් ජනපතිට සන්දේශයක් 
 
 
රට වහා ලොක් ඩවුන් කරන ලෙසත්, එම කාලය තුළ වසංගතය පාලනය කිරීම සදහා විද්‍යාතමක භාවිතාවක් රට තුල ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලාංකාවේ සියළු වෘත්තීය සමිති නියෝජනය කරමින්, වෘත්තීය සමිති සම්භන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරුවන්  වන රවී කුමුදේශ්, වසන්ත සමරසිංහ, සමන් රත්නප්‍රිය, උදේනි දිසානයක, චින්තක බණ්ඩාර ඇතුරු වෘත්තීය වෘත්තීය සමිති නිළධාරීන් විසින් ජනාධිපති වරයාට සංදේශයක් භාරදෙන ලදී.  
 
අද උදේ 11ට පමණ කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ලබා දුන් එම සංදේශය මගින් විද්‍යාත්ම රට වැසීමකට අදාලව හැසිරියයුතු සහ අනිවාර්‍යෙන්ම ස්ථාපිත කලයුතු අවශ්‍යතාවයන් 10 ක් පිළිබදවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ. 
 
කෙසේ නමුත් එම ඉල්ලීමට අනූව තීරණයක් ගනු නොලැබුවහොත් රටේ මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එළඹෙන සදුදා දිනයේ සිට වෘත්තීය සමිති රට වැසීමකට තමන් ඇතුළු කණඩායම කටයුතු කරන බවද එම ලිපියෙන් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබේ.
 
 
විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් :
 
 
එම ලොක් ඩවුන් කිරීම විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් ලෙස සාර්ථක කර ගැනීමට අදාල පහත අවශ්‍යතා රට තුල සම්පූර්ණ කිරීමටද මෙම "ලොක් ඩවුන් වර්ජන ක්‍රියා මාර්ගයෙන්" ආණ්ඩුවට බල කරන බවද වෘත්තීය සමිති සම්භන්ධීකරණ මධ්‍යස්ථානය අවදාරණය කර සිටියි.
 
 
1. දින 10ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්න
 
2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න
 
3.ආසාදිතයින් වෙන් කරන්න.
සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න.
 
4. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න.
 
5. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න.
 
6.විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම් කරන්න.
 
7. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න. 
 
8.සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න.
 
9. රට තුල හමුවන රෝගීන්ගේ ප්‍රමාණය අනූව කොළ, තැඹිලි, රතු කලාප හදුනා ගැනීම සහ කොළ- තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරීම.
 
10. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න.
 
 

 
THE LEADER TV 
 
වකුගඩු රෝගීන්ට වසංගත සමයේ අවදානමෙන් මිදෙන උපදෙස් 
 
 
ජීවිත රැසක් අනතුරේ ! : කෝවිඩ් නිව්මෝනියා එන්නත් හිඟයක් 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්