කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඔහුගේ පියා වන මරදාන

සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක් තුළ මරණයට පත්ව තිබේ.

කොළඹ පදිංචිකරුවන් වන සුල්කි මොහොමඩ්  අද (20) පෙරවරුවේ ද, ඒ මහතාගේ පියා ඊබ්‍රහිම් හමීඩ් ඊයේ (19) පස්වරුවේ ද මියගොස් ඇත.
 
සුල්කි හමීඩ් වර්ෂ 1991 -92 අවුරුදු දෙක තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි. කණ්ඩායමේ කඩුළු රකින්නා මෙන්ම ප්‍රබල පිතිකරුවෙක් වූ සුල්කි 1992 රාජකීය ශාන්ත තෝමස් අවසන් මහා තරගයේ දී දැක්වූ  සටන්කාමී පිති හරඹය පිළිබඳ තවමත් කථිකාවට ලක් වේ.
 
සුල්කිගේ පියා මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ්ය.  වර්ෂ 1971 දී ඔහු පොලිස් රගර් කණ්ඩායමේ නායකත්වය දැරුවේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඔහු සිය රාජකාරී ජීවිතය නිමා කළේය. ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූයේ ඔහුය.
 
කීර්තිමත් ක්‍රීඩකයන් දෙපළක් මෙන්ම යහපත් පුරවැසියන් දෙපළක් ලෙසත් ගෞරවයට පාත්‍ර වී සිටි මේ පිය පුතු දෙපළ කොවිඩ් ආසාදිතව පසුගිය දිනවල කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කර ඒකකයේ ප්‍රතිකාර ගෙන තිබිණ.
 
එසේ සතියක කාලයක් රෝහල්ගතව සිට සුව වී නිවසට ගිය සුල්කි හමීඩ් ඊයේ උදෑසන යළිත් රෝගය උත්සන්න වී රෝහල්ගත කර ඇති අතර අද උදැසන ජිවිතක්ෂයට පත්ව තිබේ.
 
සුල්කිගේ පියා ඊබ්‍රහීම් හමීඩ් සුල්කි නික්ම යන්නට දිනකට පෙර එනම් ඊයේ (19) නික්ම ගොස් තිබිණි.
 
මෙම දෙපළ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක 2000 දශකයේ රාජකීය විදුහල නියෝජනය කළ එවකට ශ්‍රී ලංකා රග්බි පිටියේය ප්‍රබල ක්‍රීඩකයකු වූ සුල්කර් හමීඩ්ගේ (සුල්කි) පියා සහ වැඩිමහල් සොහොයුරා වෙති.
 
 
මේ  වැඩදායී පුරවැසියන් දෙපළ ජිවිතයෙන් සමුගෙන ඇත්තේ අප සියලුදෙනා හට පනිවිඩයක් කියා පාමිනි.  මොවුන් දෙදෙනාම කෝවිඩ් මර්ධන එන්නත් ලබාගෙන නොතිබිණ. ජීවත් වීම සඳහා මේ මොහොතේ පවතින ඕනෑම එන්නතක් ලබා ගන්න.  ඔබට කිව යුතුව ඇත්තේ එයය.
 
 
(මුලාශ්‍රය - lankasara.com)
 

 

 

THE LEADER TV 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 
වකුගඩු රෝගීන්ට වසංගත සමයේ අවදානමෙන් මිදෙන උපදෙස් 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්