එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ

ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව්  කණ්ඩායම අද අලුයම සමත්ව ඇත. 

 
ඒ, අවසන් මහා තරගයේ දී බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමිනි.
 
 ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසියේ දිනූ බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
 
ඒ අනුව පිටියට පිවිසි සදර්න් බ්‍රේව්  කණ්ඩායම නියමිත පන්දුවාර සියයේදී  කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත්විය. පෝල් ස්ටර්ලින්ග් පන්දු 36 කදී ලකුණු 61 යි. 
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායමට නියමිත පන්දු 100 දී රැස් කර ගැනීමට හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 136ක් පමණි. නායක මොයීන් අලී ලකුණු 36කට දැවී ගියේය.
 
 “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනා ගත්තේ අවසන් තරගයේ දී සදර්න් බ්‍රේව් කාන්තා කණ්ඩායම ලකුණු 48කින් පරාජයට පත් කළ  ඕවල් ඉන්වින්සිබල්ස් කාන්තා කණ්ඩායමයි.
 
 
(නෙත් නිව්ස්)

 

 


 

 

THE LEADER TV 
 
 

පාස්කු කොමිසමේ චෝදනා නිසා : පොලිසිය පන්සලේ - කළු කොඩි පල්ලියේ ! 

 

ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්