හදුන්වා දී ඇති ක්‍රමවේදයෙන් බැහැරව නිවෙස් තුළ රැදී නොසිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය කොරෝනා ආසාදිතයින්ගෙන් ඉල්ලීමක් කරයි.

 
සිය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලට අනුව වෛද්‍ය අධීක්ෂණයකින් තොරව එවැනි පිරිස් කටයුතු කළහොත්  ජීවිත අවධානමට පවා ලක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය පැවසිය.
 
 
නිවෙස් තුළ සිටින කොරෝනා ආසාදිතයින්ට 1999 හා 247 යන කෙටි දුරකථන අංක හරහා වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.
 
 
 
 
 
මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක් !
 
 
මේ අතර දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ පවසන්නේ, මධ්‍යසාර සහ දුම්වැටි භාවිතා කරන පුද්ගලයන්ට ඩෙල්ටා වෛරස ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු බවයි. 
 
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ දුම් පානය කරන කෙනෙක් නම් එය වහාම නැවැත්විය යුතු බවයි.
 
එයට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ දුම් පානය නොකරන පුද්ගලයෙකුට වඩා දුම් පානය කරන පුද්ගලයෙකුට කොරෝනා වැළඳීමේ සම්භාවිතාව 14% ගුණයකින් වැඩි බවයි.
 
එමෙන්ම රෝගය වැළදුනහොත් සංකුලතා ඇතිවී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩි බවත් වෛද්‍යවරයා පවසනවා.
 
බොහෝවිට දුම් පානය කරන හෝ මත්පැන් පානය කරන අයෙක් නම් එන්නත ලබා ගත්ත ද එන්නත තුළින් ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තිකරණය අඩපණ කරන බවද ඔහු සඳහන් කරයි.
 
 
(මුලාශ්‍රය : nethnews.lk & newsi.lk)
 

THE LEADER TV 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්