අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ දහයේ කණ්ඩායම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කණ්ඩායමක බළල් අතක් ලෙස කටයුතු කරන බවට
සැක මතුවී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)  අවධාරණය කර සිටියි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ අද (23) පැවති මාධ්‍ය හමුවක දී එබව කියා සිටියේ බැසිල්වාදී  ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාය. 
 
කැබිනට් මණ්ඩලයේ එකට සිට රට වසා දමන‌ ලෙසට කිසිවක් ප්‍රකාශ නොකොට එළියට විත් රට වසා දමන ලෙසට විමල් වීරවංශ ඇතුලු ආණ්ඩුවේ කොටසක් ජනාධිපතිවරයාට ලිපි ලිවීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ද ‌ඔහු සඳහන් කළේය.
 
දැඩි බැසිල්වාදීන් ලෙස සැලකෙන 'පොහොට්ටු' පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය. 
 
මෙම කණ්ඩායම මෙවැනි ක්‍රියාවක් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන බව මෙහිදී පැවසු පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා,  යළිත් එවැනි දෙයක් සිදුනොකරන තැනට දැඩි තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එහිදී පැවසිය.
 
 
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ මෙරට ව්‍යාප්තිය සීග්‍රවීමත් සමඟ ඉහල ගිය මරණ සහ ආසාදිතයන් ප්‍රමාණය පාලනය කරගැනීම සඳහා සති තුනක් රට වසා තබන්නැයි විමල් -වාසුදේව- ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 10ක නායකයින් ජනාධිපතිවරයා ගෙන් ලිඛිත ඉල්ලමක් කරනු ලැබුවේ අගෝස්තු මස 18 දිනයි.  
 
පොහොට්ටු පක්ෂයේ බලවත් විරෝධයට ලක්ව ඇත්තේ, රට ලෝක්ඩවුන් කිරීම තුලින් රට දැවැන්ත ආර්ථික අර්බුදයකට යන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අනතුරු අඟවා තිබියදී,  විමල් පාර්ශවය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සිදුකළ බලපෑම් සම්බන්ධයෙනි.
 
 
සෞඛ්‍ය අංශවලින් කළ අනතුරු ඇඟවීම !
 
4HLFAUVFPVPVJH7CFWRTYRBCNQ
 
 
දෛනික මරණ සංඛ්‍යාව 200 ට ආසන්න වීමත් දෛනික ආසාදිතයන් ප්‍රමාණය 2500, 3000, 3500,  ලෙසින් අඛණ්ඩව වර්ධනයවීම හමුවේ රෝහල් පද්ධතිය මුළුමනින්ම ඇනහිටීමේ අවධානමක් පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙතින් නිවේදනය කෙරුනේ මිට සතියකට පමණ පෙරය. 
 
ඒ අනුව රට ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාව මුලින්ම අවධාරණය කර සිටියේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කල සියලුම වෘත්තීය සමිති විසිනි.
 
මෙහිදී ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති පළමුව නිහඬ පිළිවෙතක සිටි නමුත් පසුව, දිනපතා ආසාදිතයන් වැඩිවන විට, මරණ ප්‍රමාණය 200 කට ආසන්න ලෙස දෛනිකව වාර්තා වන විට තාවකාලික ලොක්ඩවුන් කිරීමක් අවශ්‍ය බව ඔවුන් විසින් ද සඳහන් කෙරිණ.
 
 
එහිදී ආණ්ඩුවේ ස්ථාවරය වූයේ කොරෝනා මැඩීමට විසඳුම එන්නත බැවින් කඩිනමින් එන්නත්කරණය ඉදිරියට ගෙනයන නමුත් කිසිසේත් රට වහන්න සූදානමක් නොමැති බවය.
 
 
එහෙත් දිනපතා ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා වූ වීමත්  දෛනිකව එතෙක් වාර්තා වූ වැඩිම මරණ වාර්තා අලුත් වීමත් සමග රෝහල් ධාරිතාවද අවධානමට වැටිණ.
 
එහිදී සියලු වෘත්තීය සමිති ආණ්ඩුවට බලකර සිටියේ වහාම දින 14 ක තාවකාලික ලොක්ඩවුන් කිරීමක් හරහා සෞඛ්‍ය අංශ ඉල්ලන සහනය ලබාදෙන ලෙසය.
 
 
එහිදීද ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් පෙන්වූ අවස්ථාවේ දී මෙරට විශාලතම වෘත්තීය සමිති සන්ධානගත වෙමින් ආණ්ඩුවට බලකර කියා සිටියේ 20 වන සිකුරාදා වන විට තාවකාලිකව රට ලොක්ඩවුන් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළොත් 23 සඳුදා සිට දින 14 කට රටම ස්වයං ලොක්ඩවුන් කිරීමකට ලක්කරන්න තමන් මැදිහත් වන බවය.
 
 
එය එක්තරා ආකාරයට යහපත් සංඥාවක් නොවුයේ, විධායකය ගතයුතු තීන්දුවක් වෘත්තීය සමිති ගැනීම තුල රට අභ්‍යන්තරයේ කිසියම් අරාජිකත්වයක පවා සංඥා සඳහන් වන නිසාය. 
 
එම කටයුත්ත තවත් බරපතළ වුයේ සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ සන්ධානය ඇතුළුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ නොවන සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ කටයුත්තට ප්‍රසිද්ධියේ සහය දක්වා සිටීමය.
 
එම පක්ෂ නියෝජිතයන් මාධ්‍ය හමු පවත්වමින් දිගින් දිගටම ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත චෝදනා කර සිටියේ, වෛද්‍ය නිර්දේශ අනුව ආණ්ඩුව තීන්දු තීරණ නොගන්නා නිසා මරණ ප්‍රමාණය පවා වැඩිවන බවත් ඒ සියලු මරණ වලට බලධාරීන් වගකිව යුතු බවත් පවසමින්ය. 
 
 
එසේම ලංකාවේ තත්ත්වය බරපතළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කමිටු වාර්තා පවා අනතුරු ඇඟවූ අතර සංචරණ සීමා පැනවීමේ සහ ක්‍රියාත්මක වන ස්වභාවයේ වෙනසක් සිදුනොකළහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 30,000ක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් පුරෝකථන පවා ඉදිරිපත් කෙරිණ.
 
 
මේ කාලය තුළත් ආණ්ඩුවේ ප්‍රධානීන් සෞඛ්‍ය අංශ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව බරපතළ ලෙස චෝදනා ලැබීය. 
 
අවසානයේ ඊයේ (20) වන විට පැවතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දුවක් නොගත් පසුබිමක, වෙළඳ සංගම්, වෘත්තීය සමිති, ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂ සියල්ල එකතුව මර බිය නිසා ස්වයං ලොක්ඩවුන් වන තත්ත්වයකි.
 
A Dog is seen in empty street seen in near Colombo, Sri Lanka.21.2020The statewide curfew was announced for the entirety of the weekend as a preventative measure against the spread of COVID-19. (Photo by Akila Jayawardana/NurPhoto via Getty Images)
 
 
එහෙත් නගර - ප්‍රදේශ 50 කට ආසන්න සංඛ්‍යාවක වෙළඳ සංගම් ඒ වන විටත් ස්වයං ලොක්ඩවුන් කිරීම් ප්‍රසිද්ධ කර නගර වල කටයුතු නවත්වා පෙන්වා තිබිණ. එනිසා 20 ආණ්ඩුව තීන්දුවක් ගත්තත් නැතත් රට වැසීමේ අවධානමක් පෙනිණ.
 
ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 10 ක් විසින් සති තුනකට රට ලෝක්ඩවුන් කරන්නැයි ඉල්ලා සිටීමෙන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරන්න්නේ ආණ්ඩුවේ බලපෑමකින් තොරවම රටම ස්වයං ලෝක්ඩවුන් එකකට සුදානම් වෙමින් විපක්ෂය එය අතට ගෙන සිටි මොහොතකය. 
 
 
ආණ්ඩුවේ පක්ෂ 10 විසින් කළ  ඉල්ලීමෙන් පසුවද ජනාධිපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තුල මහා නායකයින් වහන්සේලා ද සතියකට හෝ රට වසා තබන ලෙස ජනාධිපතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණ. අගෝස්තු 20 දා රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව ජනාධිපතිවරයා, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලවා රටට ප්‍රකාශය කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
 
 
එම තීන්දුව ගනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එදින (20)  පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී බව යුධ හමුදාපතිවරයා පැවසීය.
 
ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය හමුවේ ඩලස් අලහප්පෙරුම ද පැවසුයේ, ජනාධිපතිවරයා රට ලෝක්ඩවුන් කිරීමේ තීන්දුව ගනු ලැබුවේ මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත බවයි. ජනාධිපතිවරයා එදින ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ දී ද එම කාරණය සඳහන් කළේය.
 
කෙසේවුවද රට ලෝක්ඩවුන් කිරීමට සිදුවුයේ විමල් විරවංශ පාර්ශවය බලපෑම නිසා යයි  බැසිල්වාදීන් චෝදනා කරති. අද පෙරවරුවේ 'පොහොට්ටු' පක්ෂ කාර්යාලයේ පැවති ලොකුගේ- සාගර මාධ්‍ය හමුවේදී ද ඉස්මතු වුයේද එම විරෝධයයි. 
 
 
මහ නාහිමිවරුත් 'ජාත්‍යන්තර කුමන්ත්‍රණයට' හවුල් ද?
 
 
පොහොට්ටු පක්ෂයේ අද මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධාකාරයේ මත හා අදහස් පලවී ඇත. 
 
එහිදී ඇතැමකු විමසා ඇත්තේ, මහ නාහිමිවරුත් රට ලෝක්ඩවුන් කිරීමේ 'ජාත්‍යන්තර කුමන්ත්‍රණයට' හවුල් ද? කියාය. රට ලෝක්ඩවුන් කලේ මහ නාහිමිවරුන් ගේ ඉල්ලීම නිසා යයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් ම පවසා තිබීම ඊට හේතුවයි.
 
 
එසේම තවත් කිහිප දෙනෙකු පවසා ඇත්තේ ''මගේ අරක්කු මටම ගහනවා කියන්නේ ඕකටයි.''  කියාය. ඔවුන් එබව සඳහන් කර ඇත්තේ  'ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතා' විමල් විරවංශ ගේ ශබ්ද කෝෂයේ ඉහලින්ම ඇති නිසාය. 
 
 
තවත් කිහිප දෙනෙකුම සඳහන් කර ඇත්තේ, ලෝක්ඩවුන් කිරීමට එරෙහිව ප්‍රකාශ නිකුත්කරන බොහෝ ඇමතිවරුන් ප්‍රධාන පෙලේ කොමිස් කාක්කන් බවයි. 
 
කොරෝනාව ගරානාවක් කරගෙන ඇති එවැනි ඇමතිවරු, ලෝක්ඩවුන් කිරීමට එරෙහි වන්නේ  තමන්ගේ කොමිස් මුදල් පමාවේ යැයි ඇති බියනිසා දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.


 
 
 
THE LEADER TV 
 
කබ්රාල්ගෙන් ස'ට ඩිප්ලොමැට් ගුග්ලියක්! 
 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්