ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ ද අගමැති අපේක්ෂකයා ලෙස රට පුරා ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වන්නේ

තමා විසින් බව පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

විපක්ෂ නායකවරයා එබව සඳහන් කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' ක්‍රියාකාරීන්ගෙන් දැනටමත් තමන්ට එල්ලවී ඇති කෙනෙහිලිකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔහුව හමුවී ඇති අවස්ථාවක දීය.

Text 74කොළඹ වැනි මධ්‍යම පාන්තිකයින් බහුල ප්‍රදේශවල මැතිවරණ කටයුතු ගෝඨාභය රාජපක්ෂට පවරා ජනාධිපතිවරණයේදී රටපුරා යන්නේ තමා බව එම මන්ත්‍රීවරුන්ට සඳහන් කර ඇති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා, පොහොට්ටු පක්ෂයේ බලයක් නොමැති ගෝඨාභයට බිය නොවන්නැයි ද පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පෙරදිනයේ 'වීරකේසරී' (Virakesari) පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ද මහින්ද රාජපක්ෂ පවසා තිබුනේ, කවුරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා වෙන්නේ තමන් බවයි

එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායක බලතල වැඩිවශයෙන් පවතින්නේ අගමැතිවරයාට බවද හෙතෙම සඳහන් කරයි.

''බලතල සහිත අගමැති මම''

The slave owner

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම ගැන සුළු ජනකොටස් නොසතුටෙන් පසුවනවා නොවේදැයි 'වීරකේසරී' පුවත්පත විමසූ අවස්ථවේ, මහින්ද රාජපක්ෂ මෙසේ පවසා ඇත.

“ඒක ඇත්තක් කියලා මම හිතන්නේ නැහැ. 19වැනි සංශෝධනය හරහා වැඩි බලතල අගමැතිවරයාට තියෙනවා. මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්නේ මමයි. ඒ නිසා අපිට එකට වැඩකරන්න වෙනවා”

එම පුවත කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ මෙසේය. MR says he will be SLPP’s Prime Ministerial candidate

මහින්දගේ රජ මානසිකත්වය පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පන්ඩුල නයන බණ්ඩාර ‘‘නිමාවක් නැති මහින්දගේ හීනමානය...“ ලෙස මෙසේ සදහන් කර තිබිණි.

Pandula Post

බැසිල්ට කළ කෙනෙහිලිවලට නාමල්ගෙන් ප්‍රතිචාරයක් !

මේඅතර පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් සිදුකළ කතාවේදී පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ නමවත් සඳහන් නොකිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ ක්‍රියාකාරීන් ගෙන් දැඩි විවේචනයක් එල්ලවී තිබු අතර ඒ පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමත් සමග නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් බැසිල් රාජපක්ෂගේ දායකත්ව අගය කිරීමක් කර තිබේ.

Namal post

සබැඳි පුවත් :

ගෝඨාගේ කතාවේදී බැසිල් නම හැලීම ගැන විරෝධයක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්