නිල ඇදුමින් සැරසී රජයේ වාහන වලින් තම බල ප්‍රදේශයෙන් පිටතට ගොස් නාහිමිවරුන් හමුවී මාධ්‍ය ඉදිරියේ අදහස් පළකරමින් දැඩි විනය හා සදාචාර විරෝධී ක්‍රියාවක් කළ උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස්
කොමිසම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට හිටපු රාජ්‍ය හා පොලිස් නිලධාරීන් පිරිසක් යෝජනා කරයි.
 
 නන්දන මුණසිංහ හා දේශබන්දු තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිවරුන් දෙදෙනා මල්වතු  හා අනුරාධපුර අටමස්ථාන නාහිමිවරුන් හමුවී දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුනේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යැයි ඒ  ගැන පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම විසින් නම් කර ඇති තමන් දෙදෙනා අපරාධ චෝදනාවෙන් ගලවා ගන්නා ලෙසයි.
 
 ''මේ උසස් පොලිස් නිලධාරීන් දෙන්නා විනය හා නීති විරෝධී ක්‍රියාවක් කරලා තියෙන්නේ, නිල ඇඳුම් ඇඳන් නිල වාහන වලින් ගිහින් තුන්වෙනි පාර්ශවයකට නීතිමය කරුණු කීම වගේම පොලිස්පතිවරයාගෙන් අවසරයක් ලබා නොගැනීමත් වරදක්'' බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එම්.ජි.බී. කොටකදෙණිය පවසයි.
 
 මෙය දැනගත් වහා පොලිස්පති විමර්ශනයක් නොකිරීමත් ගැටළු සහගත යැයි ද ඔහු කීය.
 
 ''තමන්ගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් නිල ඇඳුම් හා නිල වාහන භාවිතය මෙන්ම නිල ඇඳුමින් පෙනී සිටිමින් මාධ්‍යට අදහස් දැක්වීම වරදක් '' බව හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වූ අශෝක පීරිස් පෙන්වා දෙයි.
 
 
 
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට සමත් නොවීම ගැන ජනාධිපති කොමිසමක් මගින් චුදිතයන් ලෙස මොවුන් දෙදෙනා නිර්දේශ කර ඇති විට අධිකරණයේ පිහිට නොපතා වෙනත් මාර්ග වලින් නිදහස් වීමට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බව අශෝක පිරිස් වැඩි දුරටත් පෙන්වා දෙයි.
 
 
''අවශේෂ පොලිස් නිලධාරීන් ද කැටුව මේ වගේ ගමනක් යන්නේ නම් පොලිස්පතිවරයාගෙන් පුරවා අවසරයක් ගත යුතුයි. එසේ නොමැතිව මෙහෙම ගමන් නිල ඇඳුම් ඇඳගෙන නිල වාහන වල යන්න බැහැ. මේ ගැන පොලිස්පති හා පොලිස් කොමිසම පරීක්ෂණ පවත්වන්න ඕනෑ,'' යි හිටපු නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න සඳහන් කරයි.
 
 මේ අතර නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක්  කියා සිටියේ, කිසියම් කොමිසමකින් නොව පහල අධිකරණයකින් වුව තමන්ට වරදක් වූයේ නම් ඔවුන් සිදු කළ යුතුව තිබුනේ අධිකරණයේ පිහිට පැතීම බවය.
 
 

 
 
නාහිමිවරුන් හමුවට ගිය ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා වන නන්දන මුණසිංහ පවසනුයේ වසර දෙකක් පුරා තමන්ට සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්‍ෂා කළ බවය. එහෙත් එසේ නොවුන තැන තමන් මේ ක්‍රියාමාර්ගයට පිවිසි බව පවසන නන්දන මුණසිංහ කියා සිටින්නේ ''ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් කියපු දෙන් අපිට ප්‍රශ්නයක් නැහැ,'' යනුවෙනි.
 
 පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුවේ මීගමුව ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි මැදිහත්වීමක් සිදු කර නොමැති බවට ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවී තිබෙන අතර එකල බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නන්දන මුණසිංහට නඩු පවරන ලෙස කොමිසම විසින් නිර්දේශ කර ඇත.
 
 
 
සබැඳි පුවත් :

 

 

THE LEADER TV 
 
 
 
රාජ්‍ය සේවක කැපකිරීම : වැටුපෙන් 20 %ක් ?
 
  
 
විමල් - ගම්මන්පිල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක : සියල්ල හෙළි වේ.!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්