“පාස්කු ඉරුදින” ඛේදවාචකයක් බවට පත්කළ බෝම්බ ප්‍රහාරයට “යුක්ති සාධාරණය” ඉල්ලා සිටිමින්,
අගොස්තු 21 දා ලංකාව පුරා කතෝලික දේවස්ථාන, නිවෙස්, ආයතන ප්‍රමුඛව කිතුණු නොකිතුණු සෑම කෙනෙකුට ම “නිහඬ කළු
කොඩි හර්තාලය” ට දායකවන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමි ආරාධනා කළ අතර, ඒ සඳහා මිශ්‍ර ප්‍රතිචාරයන් නිරීක්‍ෂණය කරන්නට හැකි වී තිබේ. 
 
“මේ ඛේදවාචකයේ බරපතලකමට කළු කොඩි දැමීමෙන් යුක්තිය ඉටුකරගන්නට බැහැ. කළු කොඩි දැමීම හුදෙක් ප්‍රදර්ශනයක් පමණයි.” යන්න බොහෝ දෙනෙකුගේ අදහස විය. උතුරු නැගෙනහිරින් කොඩි දායකත්වයක් නැත. 
 
“මේ සිදුකර තිබෙන මහා අපරාධයේ තරමට, මේ ආකාරයෙන් කළු කොඩි දාලා විරෝධය පළකිරීම කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ. වසර දෙකක් ම පහුවෙලා තියෙද්දීත් කොඩි දමමින් විරෝධය ප්‍රකාශ කිරීමවත්, යුක්තිය ඉල්ලා සිටිමත් කිසිම ආකාරයකින් වගකිව යුතු පුද්ගලයින් ට දැනෙන්නේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කළේ කතෝලික මෙන් ම කතෝලික නොවන පුද්ගලයින් කිහිප දෙනෙකි.
 
ඔවුන් සිය නිවෙස්වල, සාප්පුවල කළු කොඩි නොදැම්මේ, කාදිනල්හිමි ගේ ඉල්ලීම අවතක්සේරුවට ලක් කරමින් නොවෙයි. බෝම්බයෙන් මියගිය සිය සහෝදර මිනිස්සු ගැන හැඟිමක් නැතිව නොවෙයි. “නමුත් අපි කොච්චර කොඩි
දැම්මත්, පාරට බැහැල උද්ඝෝෂණ කළත් කාදිනල් වහන්සේ  පිළිතුරු ඉල්ලා සිටින බලධාරින් ට දැනෙන්නෙ නැහැ. 
 
ඒ නිසා මේ කළු කොඩි දානඑකට අපි එකඟ නැහැ. කොඩි දැම්මෙත් නැහැ.” යනුවෙන් රාගම හා මීගමුව ප්‍රදේශවලදී හමුවුණු ජනිත කුරේ, රෙක්සි ප්‍රනාන්දු සහ ඇලෙක්ස් දසා යන අය ප්‍රකාශ කළෝය.
 
“කාදිනල්තුමාට අපි කියා දෙන්න අවශ්‍ය නැහැ” යැයි කියු රෙක්සි ප්‍රනාන්දු, “ආණ්ඩුවට දැනෙන්න, බලධාරින්ට සෘජුව දැනෙන්න, විරෝධය පාන්න ඕනේ නම් කළ හැකි දේවල් තිබෙනවා. ඒ වගේම හොඳට දැනෙන, සෘජු ප්‍රකාශ කරන්නත් උන්වහන්සේට පුළුවනි. නමුත් උන්වහන්සේ කොතෙක්  දුරට ඒ වගේ සෘජු ක්‍රියාවලට යාවි ද කියන එක ප්‍රශ්නයක්.” යැයි කීහ.
 
  
කළු කොඩි නොඑසවූ තවත් කිහිප දෙනෙක් කියා සිටියේ “ අපි නොදුන්නාට, ගෝඨාභය දිනපු ඡන්ද ඇතුලේ අපේ ක්‍රිස්තියානි ඡන්දත් අනිවාර්යෙන් ම තිබෙනවා. ඒ නිසා කිසිම බුරුලක් දෙන්න බැහැ මොකද ඔහු බලයට පත්වුණේ, පාස්කු බෝම්බ ප්‍රහාරය මතින්. බොරු පොරොන්දු දීලයි. 
  
කතෝලික සභාව මීට වඩා දැඩිව මේ රාජපක්‍ෂ එක්ක ගනුදෙණුව කරන්න ඕනේ , වින්දිත මිනිස්සුන්ගේ නාමයෙන්.” යනුවෙන් වත්තල, මීගමුව ප්‍රදේශවල දී හමුවුණු රෙක්සි ප්‍රනාන්දු, ජනිත කුරේ මෙන් ම තවත් කිහිප දෙනෙකු ම ප්‍රකාශ කළෝය.
 
2019 වසරේ අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින දේව මෙහෙයන් අවස්ථාවේදි මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් දියත් කළ ම්ලේච්ජ ප්‍රහාරයට, අගෝස්තු 21 දිනට පුරා මාස 28ක් ගතවන අතර කොතෙක් විමර්ශන සිදුකර තිබුණ ද, එම ප්‍රහාරයේ සැබෑ මොලකරු කවුරුන් ද යන්න හෙළිකිරීමට වත්මන් පාලක ආණ්ඩුව අසමත් වී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් හිමි අවධාරණය කරයි.
 
dfgdtr
 
පාස්කු ඛේදවාචකය හා සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකුට පසුගිය සතියේ දි ද චෝදනා එල්ල කළ නමුත්, අගරදගුරු හිමි ඇතුළු කිතුණු සභාව ඉල්ලා සිටින්නේ සිද්ධිය වටා සිටින පුද්ගලයින් නොව ප්‍රහාරය දියත් කළ, ඊට වගකිව යුතු සැබෑ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න ඉක්මනින් හෙළිකරන ලෙසයි.
 
“මේ ඛේදවාචකය ගැන කිහිප විටකදීම දැනගෙන සිටියත් බලධාරින්ගේ ආත්මාර්ථකාමි හිතුවක්කාරිකම නිසා මිනිස්සුන්ට මැරෙන්න ඉඩ හැරියා.
 
නීතියට, දේව නීතියට පිටුපාලා බලයේ ඉන්න තිබෙන ආශාවට සහ බලයට එන්න තිබෙන ආශාවට ඒ ඇමතුම් යටගැහැව්වා. එවකට හිටපු බලධාරියා අදාළ පුද්ගලයින් ව නීතිය ඉදිරියට ගැනීමට හරස්කැපුවා. අදටත්, විටෙන් විට දෙවියන්වහන්සේ පෙන්වා දෙන සත්‍ය යටගහන්න උත්සාහා ගන්නවා. 
 
නමුත්, අපි ජනතාවගේ පැත්තේ හිඳිමින් මේ ඛේදවාචකය පිටුපස ඇති මහා දේශපාලන කුමන්ත්‍රණය හෙළිදරව් කරන්න කියා දෙවියන්වහන්සේට අපි කන්නලව් කරනවා .”යැයි අගෝස්තු 21දා අගරදගුරු නිවසේ දේවස්ථානයේ සිට “නිහඬ කළු කොඩි හර්තාලය” වෙනුවෙන් පැවැත්වු විශේෂ යැදුම් මෙහෙයේදි අගරදගුරු හිමි ප්‍රකාශ කළේය.
 
අගරදගුරු හිමිපාණන්ගේ ඉල්ලීමට අනුව, ලංකාව පුරා කිතුණු දේවස්ථානවල, ආයතවල, නිවාසවල කළු කොඩි ඔසවා, ප්‍රමාද කරන සත්‍ය හෙළිදරව්වට විරෝධය පළකළ අතර සියලු දේවස්ථාන සහ ආගමීක ආයතනවල උදැසන 8.45 ට සීනු නාදකිරිමෙන් අනතුරුව 9.45 දක්වා විශේෂිත යැදුම් මෙහෙයන් පැවැත්වුහ. 
 
දැඩි කතෝලි ජනතාවක් වෙසෙන ප්‍රදේශ හරහා සංචාරය කිරීමේදී දක්නට ලැබුණේ කතෝලික දේවස්ථාන , කන්‍යාරාම හැරුණුකොට නිවෙස්වල, කඩ සාප්පුවල, වාහනවල “කළු කොඩි” දැමීමේ ඉල්ලීමට මිනිසුන් දක්වා තිබුණේ ඇල්මැරුණු ප්‍රතිචාර  බවයි.
 
එමෙන්ම, උතුරේ සහා නැගෙනහිර ප්‍රදේශවලින් “නිහඬ කළු කොඩි හර්තාලය” ට කිතුනු හෝ කිතුනු නොවන කිසිඳු ප්‍රතිචාරයක් ලබාදී නොතිබුණු බව එම ප්‍රදේශ නිරික්‍ෂණය කළ මූලාශ්‍ර සඳහන් කළේය.
  
 අගෝස්තු 20 වෙනිදා නැගෙනහිර ප්‍රදේශයේ ඇතැම් කිතුණු දේවස්ථාන භාර පූජක උතුමන් හමුවු පළාත් පොළීසිය 21 වෙනිදා කළු කොඩි දමන්නේ ද නැද්ද යන්න පිළිබඳව ප්‍රශ්නකර තිබිණි.
 
මේ අතර, පාස්කු ප්‍රහාරයේ යුක්තිය හෙළිදරව් කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව, මීගමුව පුරවැසි කමිටුව,මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය සහ යුක්තිය පදනම ඒකාරාශි ව, අගෝස්තු 21 දා පැවැත්වීමට සැළසුම් කර තිබු සාමකාමි විරෝධතාවක් හදිසි රට වැසීමේ හේතුවෙන් අගෝස්තු 20 වෙනිදා සවස මීගමුව බාල්දි හන්දියේ දී පවත්වන්නට යෙදිනි.
 
මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක ගරු රොහාන් සිල්වා පියතුමා ඇතුළු කතෝලික පියතුමන් සහ ගිහි ජනතාව කිහිප දෙනෙකු ම මෙම විරෝධතාවට එක්වු අතර එහිදි මාධ්‍යට අදහස් දැක්වූ අතුරුදහන්වූවන් ගේ පවුල් එකතුවේ සභාපති” මීගමු පුරවැසි කමිටුවේ සාමාජික බ්‍රිටෝ  ප්‍රනාන්දු මෙසේ කීවේය.
 
“විමර්ශන නිළධාරීන් තමන්ගේ රාජකාරිය හරියට කරන්න බැරිවුණේ දේශපාලන නායකයින්ගේ බලපෑම නිසා ද යන්න රටට හෙළිකළ යුතුයි. එය පමණයි ඔවුන්ට නිදහස්වීමට තිබෙන එක ම මාර්ගය. එසේ නැතිව තමන් රාජකාරිය හරියට ඉටුනොකර, තවත් කෙනෙකු වෙත ගොස් ඔවුන් ව බේරගන්න කියා ඉල්ලා සිටීම කිසිම පලක්නොවන කාරණවක්.  මේක දේශපාලන කුමන්ත්‍රණයක් බව කාදිනල්තුමා ප්‍රකාශ කළා. මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබෙන බව හිටපු නීතිපති ප්‍රකාශ කළා.”
 
 dfdgt
ෂෙහාන් මාලක ගමගේ
 
එබැවින් ආණ්ඩුව දෙසට ඇඟිල්ල දිග්වී ඇති බව ප්‍රකාශ කළ බ්‍රිටෝ ප්‍රනාන්දු, “විනයගරුක ආණ්ඩුවක්, විනයගරුක පාලනයක් හදනවා යැයි කිව්, තමන් බලයට පත්වු වහාම පාස්කු බෝම්බයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරනවා කියු
ජනාධිපති ගෝඨාභයට වගකීමක් තිබෙනවා කාදිනල්තුමාගේ අවසාන ලිපියට නිසි පිළිතුර දෙන්න. පිළිතුරු නොදීමත්, මෙහි සත්‍ය හෙළිදරව් නොකිරීමත් නිසා, තවදුරටත් ආණ්ඩුව දෙසට ඇඟිලි දික් වීම වළක්වන්න බැහැ. තමන් සම්බන්ධ නැතිනම් , නැහැ කියන්න. සැඟවී තිබෙන සත්‍යය හෙළිකරන්න කියා අපි ඉල්ලා සිටිනවා.”
 
මේ අතර, වත්තල, මත්තුමගල දේවස්ථානයේ පියතුමා සහ මීසම් ජනතාව විසින් කළු කොඩි ප්‍රදර්ශනය කරමින් සිටියදි එම ස්ථානයට පැමිණි වත්තල නගරසභාවේ සභාපති ත්‍යාගි අල්විස් සහ සනත් පියසීලි විසින් ප්‍රදර්ශනය කළ සියලු කළු කොඩි ගලවා රැගෙනන ගිය බව, එම අවස්ථාවේදි ගනුලැබු වීඩියෝ දර්ශනයක් සිය මුහුණු පොතේ පළකරමින් ෂෙහාන් මාලක ගමගේ ප්‍රකාශ කරයි.
 

 

 


 

The Leader TV

 
 

විමල්ලට ගහන බැසිල්ගෙ ගෝලයන්ට මහින්දගෙන් ටොක්කක්! 

 

ස'ගෙ කැබිනට් මණ්ඩලේ තලේබාන් ඇමතියෙක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්