ලංකාවට නොහිටපු හොඳම ජනාධිපති ලෙස තමන් ඉතිහාස ගත විය හැකි බව පසුගියදා අප අතරින් වියෝ වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර වරෙක පවසා

තිබුණේ ය.

ඔහු මේ බව කියා තිබුණේ Hari tv නම් යූ ටියුබ් නාලිකාවේ ළහිරු මුදලිගේ විසින් මෙහෙයවන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජනාධිපති හෝ අගමැති වීමේ බලාපොරොත්තුවක් නොතිබුනේ දැයි විමසු පැනයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර ප්‍රකාශ කළේ දේශපාලනයට පිවිසෙන සෑම කෙනකුටම එවැනි බලාපොරොත්තු තිබෙන නමුත් ඒවා ප්‍රයෝගික බලාපොරොත්තු නොවන බව ය.

එසේම, දැනට හිටපු බොහෝ දේශපාලකයන්ට වඩා එම හැකියාව තමන්ට තිබෙන නමුත් ජනාධිපති වීමට දඟලන බව එයින් අදහස් නොවන්නේ යැයි ඔහු කියා සිටියේ ය.


"පොදුවේ කතා කළොත් මම ඉතිහාසගත වෙන්න කැමති ලංකාවට නොහිටපු, නොලැබුණු හොඳම ජනාධිපති හැටියට,"

 

යනුවෙන් මංගල සමරවීර අවසානයේ පැවසුවේ ය.  

 


THE LEADER TV 
 
ගිනිගත් නැව අවට අල්ලන මසුන් ගැන 
 
 
විමල්ලට ගහන බැසිල්ගෙ ගෝලයන්ට මහින්දගෙන් ටොක්කක්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්