කොටි සංවිධානය විසින් වගා කරන ලද කැලයකින් නීති විරෝධි ලෙස කපා ගන්නා ලද දැව තොගයක් සන්තකයේ තබා ගත් ලී මෝල් හිමිකරුවකු
අත්අඩංගුවට ගෙන තිබේ.
 
අගෝස්තු 25 වැනි බදාදා අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව්,  මුල්ලියාවලෙයි, මාංචෝලෙයි ප්‍රදේශයේ ලී මෝලක් පවත්වාගෙන ගිය අයෙකු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිපත්තු ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා  මුල්ලියාවලෙයි පොලිස්ථානයේ  නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර තිබේ.
 
අනවසරයෙන්  කපාගෙන විත් තිබු තේක්ක කඳන් 9 ක් සහ ඉරා සකස් කරන ලද ලී 84 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගත් බල පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
received 554580439199492
received 1774101026119483 
 
දීර්ඝ කාලයක් පුරා මෙම දැව ජාවාරම සිදු කරන බවට තොරතුරු පැවැතියත් සැකකරුවන්  කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් උනන්දු නොවු බවට ගම් වැසියන් චෝදනා කරති.
 
වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ මීට වසර 30 කට පමණ පෙර එල්.ටී.ටී.ඊ සංවිධානය විසින්  නාගංචෝලෙයි ප්‍රදේශයේ වගා කළ තේක්ක වගාවක් දැව ජාවාරම් කරුවන් විසින් මෙලෙස කපා ගන්නා බවයි.
 
 

 
 

 

THE LEADER TV 
 
ගිනිගත් නැව අවට අල්ලන මසුන් ගැන 
 
 
විමල්ලට ගහන බැසිල්ගෙ ගෝලයන්ට මහින්දගෙන් ටොක්කක්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්