රට පුරා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශයේ සේවකයන් 2000කට ආසන්න පිරිසක් මේවන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති වටපිටාවක්

තුළ ඔවුන්ට ප්‍රමිතියෙන් තොර ඉතා බාල තත්ත්වයේ කොරෝනා ඇඳුම් කට්ටල  ලබාදෙන බවට තොරතුරු අනාවරණය වේ.

සෞඛ්‍ය අංශයේ සේවකයන් සඳහා ලබාදෙන කොරෝනා ඇඳුම් කට්ටල ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛරසයට ඔරොත්තු දිය හැකි මට්ටමේ තිබිය යුතු වුවත් මේවන විට අනුරාධපුර, මීරිගම, කරාපිටිය සහ කරුණෑගල ආදී රෝහල් රැසකින් වාර්තා වන්නේ, ඔවුන්ට ලැබී ඇති කොරෝනා ඇඳුම් කට්ටල නුදුසුදු මෙන්ම භාවිතයට ගත නොහැකි මට්ටමේ ඇඳුම් බවය.

ටෙන්ඩර් පටිපාටිය

සෞඛ්‍ය සේව කාර්යමණ්ඩලයේ භාවිතය ගනු ලබන ආරක්ෂිත ඇඳුම් කට්ටලය N 95 වර්ගයේ මුව ආවරණයක් සහිතව ශල්‍යකර්ම සඳහා පමණක් භාවිතයට ගනු ලබන සුවිශේෂී අත්වැසුම් හා ගුණාත්මක බවෙන් යුතු විශේෂිත රෙද්දකින් මසනු ලබන ඇඳුම් කට්ටලයකින් සමන්විත වේ.

පෞද්ගලික අංශයෙන් මිලදී ගනු ලබන මෙම ඇඳුම් කට්ටලය මිලදී ගැනීමේ දී නියමිත ටෙන්ඩර් පටිපාටියකින් හා අදාළ සමාගම් විසින් සපයනු ලබන ඇඳුම් කට්ටල සාම්පල් තාක්ෂණික කමිටුවක් මගින් අනුමත කළ යුතු අතර එම අනුමත කළ සාම්පලයට 100%ක් සමාන PPE කට්ටල ටෙන්ඩලය ලැබූ සැපයුම්කරු විසින් සැපයිය යුතුය.

එසේ සැපයුම්කරු විසින් ලබාදුන් සාම්පලයට අනුකූලව සැපයීම් කළ නොහැකි නම් එම සමාගමට ලබාදුන් ටෙන්ඩරය අවලංගු කොට අදාළ තත්ත්වයන් සැපිරූ වෙනත් සමාගමකින් එම භාණ්ඩ ලබා ගැනීම සාමාන්‍ය ටෙන්ඩන් පටිපාටිය වේ.

බාල තත්ත්වයේ ආරක්ෂිත ඇඳුම්

මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සමඟ සැපයුම් ලබාදීම සඳහා ලියාපදිංචි වී ඇති සමාගම් අතරින් ආයතන දෙකක් විසින් සපයනු ලබන PPE ඇඳුම් සම්මත තත්ත්වයෙන් බැහැරව ඉතා බාල තත්ත්වයෙන් සපයනු ලබන බවට තොරතුරු හෙළිදරව් වී ඇති අතර එසේම මෙම ආයතන දෙක ටෙන්ඩරය ඉල්ලුම් කරන අවස්ථාවේ ලබාදුන් සාම්පලවල ඇති ගුණාත්මක බව ඔවුන් විසින් සැපයුම් අංශය වෙත ලබාදෙන භාණ්ඩවල නොමැති බව ද තහවුරු වී ඇත.

පසුගිය මාසය තුළ මෙම ආයතන දෙක සඳහා PPE  ඇඳුම් කට්ටල ලක්ෂ 3ක් සැපයීමට ලබාදී ඇති අතර ඒ්වා භාවිතයට නුසුදුසු බව පවසමින් සෞඛ්‍ය සේවකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙම කොරෝනා ඇඳුම් කට්ටල ඇඳ සිටීම ඉතා අපහසු බවත් පැයක් පමණ ඇඳ සිටින විට ක්ලාන්තයට පත්වන බවත් සෞඛ්‍ය සේව අංශ මගින් සැපයුම් අංශය වෙත ලිඛිතව දන්වා ඇති බවද වාර්තා වේ.

එසේම N 95 වර්ගයේ මුව ආවරණ වෙනුවට සාමාන්‍ය ජන භාවිතය සඳහා ගන්නා දූවිල්ලෙන් ආරක්ෂා වීම සඳහා ගනු ලබන මුව ආවරණ (dusk mask) සපයනු ලබන බවත් ඒවා කිසිසේත් කොරෝනා වැනි වෛරසයකින් ආරක්ෂාවීමට නොව සාමාන්‍ය සෞඛ්‍ය කාර්යයන් සඳහා ද පැළඳිය නොහැකි මට්ටමේ මුව ආවරණ බව ද සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබේ.

සැපයුම් අංශයේ ගජමිතුරු මගඩියක්

කොරෝනා ඇඳුම් කට්ටලය සඳහා අත්‍යවශ්‍යම සර්ජිකල් අත්වැසුම් තමන්ට ලබාදිය නොහැකි බව ද, සර්ජිකල් අත්වැසුම් වෙනුවට සාමාන්‍ය අත්වැසුම් ලබාදෙන බව ද ලිඛිතව දන්වා ඇති Cloud Healthcare ආයතනය වෙත ඔවුන්ගේ ඉල්ලීම පරිදි නියමිත ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත ඇඳුම් කට්ටල 40,000ක් සැපයීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය අංශයේ සේවකයන් ප්‍රශ්න කර සිටින්නේ, ජනාධිපතිවරයා ඇතුළු රජයේ සියලු අංශ විසින් මහත් පරිශ්‍රමයකින් කොරෝනා ව්‍යසනයෙන් රට බේරාගැනීමට කටයුතු කරමින් සිටින මොහොතක වෛද්‍ය සැපයුම් අංශයේ අත්තනෝමතික තීන්දු හරහා සිය ව්‍යපාරික සගයන් වෙත ටෙන්ඩර් ලබාදී එකී සිය ගජමිතුරන් ලබාදෙන තත්ත්වයෙන් බාල සැපයුම් ඉතා නිර්ලජ්ජිත ලෙස සාධාරණීකරණය කරමින් සිටින බවයි.

මෙම ගජමිතුරු ව්‍යාපාරික අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වෛද්‍ය සැපයුම් අංශය විසින් හිතාමතා කොරොනා ව්‍යාප්තිය සඳහා කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.

 cliud 1
cliud 2
cliud 3
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
ගිනිගත් නැව අවට අල්ලන මසුන් ගැන 
 
 
විමල්ලට ගහන බැසිල්ගෙ ගෝලයන්ට මහින්දගෙන් ටොක්කක්!
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්