මෙරට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය අවම කිරීමට නම් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.



දින 20ක් වැනි කෙටි කාලයක් තුල රටේ කොවිඩ් ආසාදිත මරණ 3,000 සීමාව ඉක්මවීමට ආසන්න බව පවසන හිටපු අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් මිනිස් ජීවිත බිලිගනිමින් සිටින කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වළවක්වා ගෙන මිනිස් ජීවිත සුරක්ෂිත කිරීමට නම් අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීම කළයුතු බවයි.

එසේම රට වසා තැබීම නිසා සිදුවන ආර්ථික හානියට වඩා මේ මොහොතේ මිනිස් ජීවිත විනාශ වීම වළක්වා ගැනීම වැදගත් බව අවධාරණය කරන හිටපු අගමැතිවරයා, වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කිරීම කළයුතු බව ද අවධාරණය කරයි.

ව්‍යසනයේ බරපතලකම ගැන සලකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය වෛද්‍ය විශේෂඥ උපදෙස් අනුව  කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් හිටපු අගමැතිවරයා පවසා සිටියි.

එසේම මෙහිදී මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයාගේ හදිසි මරණය පිළිබඳව ද හිටපු අගමැතිවරයා සිහිපත් කරයි.  ඒ ඇමරිකානු රාජ්‍ය නිලධාරිනියක වන සමන්තා පවර් මැතිනියගෙන් මෙරට කොවිඩ් වෛරසය වැළැක්වීම සඳහා කොවිඩ් මර්ධන එන්නත ඉල්ලා සිටි හිටපු මුදල් ඇමති මංගල සමරවීර ද ඊට ගොදුරුවූ බවයි.

එසේම ගතවු දින 02ක කාලය තුලදී තමන් දන්නා හඳුනන පුද්ගලයින් 06 දෙනෙකු වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ බව ද කියා සිටියේය.

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්