theleaderlk 01

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
 
මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ ලබන 6 වැනිදා සඳුදා අලුයම 4.00ටය.
 
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීය.
 
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පසුගිය 20 වැනිදා රාත්‍රී 10:00 සිට පණවනු ලැබීය.
 
 
රනිල්ගේ ඉල්ලීම 
 
 
මෙරට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය අවම කිරීමට නම් තවත් සති දෙකක කාලයක් රට වසා තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කර සිටියේය.
 
 
  
 
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ මෙරට ව්‍යාප්තිය සීග්‍රවීමත් සමඟ ඉහල ගිය මරණ සහ ආසාදිතයන් ප්‍රමාණය පාලනය කරගැනීම සඳහා සති තුනක් රට වසා තබන්නැයි විමල් -වාසුදේව- ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ 10ක නායකයින් ජනාධිපතිවරයා ගෙන් ලිඛිත ඉල්ලමක් කරනු ලැබුවේ අගෝස්තු මස 18 දිනයි.  
 
 
 
''රට දිගු කලක් වසා දැමීම ප්‍රායෝගික නෑ'' - අගමැති 
 
 
රට දීර්ඝකාලීනව වසාදැමීම ප්‍රායෝගික නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
 
රට කොරෝනාවෙන් බේරාගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් රට වසා දැමුණු කාලයේදී ජනතාව දැක්වූ සහයෝගයට ස්තුතිය පුද කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
 
කොරෝනා පරාජය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කරගෙන යන කාර්යභාරය අගය කරන බවද රාජපක්ෂ  කීවේය.
 
අගමැතිවරයා මෙසේ පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකදීය.
 
 
Kehaliya 2021 1
 
 
 
කෙසේවුවද සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද පෙරවරුවේ සඳහන් කර සිටියේ, 30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. 
 
ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත් සෙසු අයගේ අදහස් වලට ඇහුම්කන් දී එම ඉල්ලීම් ඉටු කිරීමට ද සිදුවන අවස්ථා ඇතැයි ඔහු පැවසිය.
 
අඩු ආර්ථිකයක් පවතින රටක් වසාගෙන ඉදිරියට යා නොහැකි යැයිද කී ඔහු මහ ජනතාවගේ සහයෝගය උපරිම ලබාගෙන කොරෝනා වසංගතය පාලනය කිරීම වඩා ප්‍රායෝගික බව තම අදහස බවද කියා සිටියේය. 
 
ලෝකයේ කිසිම රටක් ඇඳිරි නීතිය දමා වසංගත ව්‍යාප්තිය විසඳාගෙන නැතැයි පැවසූ ඔහු රට වසා දමන්නැයි ඉල්ලීම් කල පිරිස් අතර පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.
 
ඔවුන්ගේ යටි අරමුණු අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.
 
 
 
 

 
 
The Leader TV
 

ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !

 

 

මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව!

 

නවතම පුවත්