තමන්ට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටියි.
ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා වල දැක්වුණේ කොරෝනා වෛරසය ආසාදනයවූ අගමැතිවරයා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකයට ඇතුලත් කර ඇති බවයි.
'නෙත් නිවුස්' මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ගෙන්ම විමසීමක් කර ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, අරලියගහ මන්දිරයට වී තම රාජකාරි කටයුතුවල යෙදෙමින් සිටින බවත්ය.
එමෙන්ම අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමටද තමන් සහභාගී වූ බවය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
The Leader TV
ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !
මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව!