ඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන් අතට පත් වේවි යැයි කල්තියා බියට පත් වී, පසුගිය දෙසැම්බරයේ ජර්මනිය බලා ගිය ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය සයීද් සදාත්, අද ජර්මනියේ ලිබ්සිග් නුවර
ආහාර සහ බඩු බාහිරාදිය බෙදා හරින්නකු ලෙස රැකියාව කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ සයීද් සදාත් එම ධුරයෙන් ඉවත් වූයේ 2018 වසරේදීය. ඉන්පසු ඔහු විදෙස්ගත වීමට වැඩි උනන්දුවක් දැක්වීය.
 
2020 ජනවාරියේ ඔහුට ජර්මනිය බලා පැමිණීමට අවස්ථාවක් ලැබුණු අතර, දැන් ඔහු තැඹිලි පැහැති නිල ඇඳුමින් සැරසී, පා පැදියන නැගී ලිබ්සිග් නුවර භාණ්ඩ බෙදා හරින්නකු ලෙස රැකියාව කරන්නේ මහත් සතුටින් මෙන්ම සැහැල්ලුවකිනි.
 
'මගේ ඥාතීන් වැඩිය මේ රස්සාවට කැමැති නැහැ. ඒත් මේක මට හොඳ රස්සාවක්. මා බොහොම ආසාවෙන් තමයි මේ රස්සාව කරන්නේ. මා අත්විදින්නේ සැහැල්ලු ඒ වගේමයි හරිම නිදහස් ජීවිතයක්.' යැයි 49 හැවිරිදි සයීද් සදාත් රොයිටර් පුවත් සේවය සමඟ පවසා තිබේ.
 
'දේශපාලනඥයෝ දේශපාලනයෙන් සමුගත්තත් කළ යුත්තේ ජනතා සේවයයි. මා දේශපාලනය කළේ මුදල් උපයන්න නොවෙයි. ගරු නම්බු නාම වෙනුවෙන් නොවෙයි. ජනතාව වෙනුවෙන්. මේ රැකියාව හරහාත් දැන් මා කරන්නේ මාගේ සේවය ලබා දීමයි.' යැයි සයීද් සදාත් පවසා ඇත.
 
සයීද් සදාත් ජර්මනියට පැමිණ සිටින්නේ ඔහුගේ දරු පවුල ද සමඟය.
 
 
(lankadeepa.lk -තිලිණි ද සිල්වා)
-මුලාශ්‍රය :රොයිටර්
2021 08 26T180317Z 1 LYNXMPEH7P0V9 RTROPTP 3 AFGHANISTAN CONFLICT MINISTER DELIVERY MAN
2hn6s19g sayed sadaat reuters 625x300 27 August 21
afghan minister 1629875878
 

THELEADER TV
 
ලංකාව ඇතුළෙ වට්ස් ඇප් භීතියක්!
 

  

ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !

  70

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්