එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ 'ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ' එළිදක්වන දිනයේදීම එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඊයේ (13) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ සාකච්ජාව සඳහා ඉදිරිපත් වුණු ඇතැම් සංශෝධන වලට එකඟ වූ බවද වාර්තා වේ.
යෝජිත සන්ධානය සහ ජනාධිපති අපේක්ෂක එකම දිනයක ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා නැවත මේ මස විසි වෙනිදා (20) තවත් සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය වී ඇත. අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේදී එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය වී ඇතිබව එම ආරංචිමාර්ග සදහන් කරයි .
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ, තමා කිසිදෙයක් අසුෙවාදීව නොසිතන බවත්, ධනාත්මක චින්තනය විශ්වාස කරන කෙනෙකු බවත්ය.
“සංවිධාන වැඩපිළිවෙළ සාකච්ඡා කළා. ශක්තිමත් දේශපාලන ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න ගැන ක්රමෝපායන් ක්‍රමවේද ගැන අපි සාකච්ඡා කළා.
අපේ රටේ කථා කිරීමේ නිදහස තිබෙනවා. මතයක් දැරිමේ නිදහස තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවදි ක්‍රමවේදය තුළ ඕනෑම තෙනෙකුට තමන් විශ්වාස කරන මතයක් දරන්න ඉඩ තිබෙනවා.
සත්‍ය කවදා හෝ ජයගනියි. අපේ දේශපාලන ගමන අනාගතය තීන්දු වන්නේ තවත් නෙනෙකුගේ අපේක්ෂකත්වය මත නෙමෙයි. අපේ ප්‍රතිපත්ති, දර්ශනය අනුවයි.'' ඔහු වැඩිදුරටත් පැවසිය.