දැනට මෙරට ආනයනය කර ඇති සීනි තොග ප්‍රමාණවත් වන්නේ උපරිම වශයෙන් මාසයක කාලයකට පමණක් බව වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙරට පරිභෝජනය සඳහා වසරකට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක ප්‍රමාණයක් අවශ්‍ය අතර, ඒ අනුව මසකට සීනි මෙට්‍රික් ටොන් 55,000ක් අවශ්‍යවනු ඇත.
 
එහෙත් මේවනවිට සීනි ගබඩාවල ඇත්තේ මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් බවත්, කොකා කෝලා ඇතුළු බිම වර්ග හා බිස්කට් සඳහා අවශ්‍ය විශේෂ ප්‍රමිතියෙන් යුතු ආනයනික සීනි මෙට්‍රික් ටොන් 20,000 ක් පමණ එක ගබඩාවක පමණක් ඇති බව වාර්තාවේ. 
 
රජයේ වත්මන් මුදල් රෙගුලාසි යටතේ සීනි ආනයනය සිමා කර ඇති අතර, එම සීමා ලිහිල්කර අලුතින් සීනි ඇනවුම් කලද ඒවා මෙරටට ලඟා වීමට අවම වශයෙන් සති 6ක කාලයක් ගතවනු ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.
 
 
 
සීනි සැඟවූ ගබඩා 3ක් අල්ලයි !
 
මේ අතර රට තුළ කෘතිම සීනි හිඟයක් මවාපාමින් සීනි මිල ඉහළ දැමීමට කටයුතු කරන තවත් කූඨ ව්‍යාපාරිකයින් තිදෙනෙකු නීතියේ රැහැනට හසු කරදීමට හැකිවූ බව "අද දෙරණ උකුස්සා" වාර්තා කර තිබේ.
 
ඒ අනුව, මහාපරිමාණයෙන් සීනි තොග සඟවමින් වෙළෙඳ පොළේ සීනි මිල ඉහළ දැමීමට කටයුතු කරන ව්‍යාපාරිකයන් තිදෙනකු සීදුව බන්ඩාරවත්ත, කැලණිය පට්ටිවිල සහ වත්තල මාබෝල ප්‍රදේශවලදී නීතියේ රැහැනට හසු කර ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ (29) හා පෙරේදා දිනවල සමත් වී ඇති එම ගබඩාවල තිබූ සීනි මෙට්‍රික් ටොන් 5455ක තොගයකට මුද්‍රා තැබීමට ද පියවර ගෙන තිබේ.
 
සීදුව ප්‍රදේශයේ දී මුද්‍රා තැබුණු මෙම සීනි ගබඩාව බලපත්‍ර රහිතව පවත්වාගෙන ගොස් ඇති අතර එහි හිමිකරුවන්ට අද (30) ලියකියවිලි ද රැගෙන අධිකාරියට පැමිණෙන ලෙස එහි නිලධාරීන් දැනුම් දෙනු ලැබීය. එහි සීනි මෙට්‍රික් ටොන් 61ක් තිබී ඇත.
 
කැලණිය පට්ටිවිල ප්‍රදේශයේදී සොයා ගැනුණු ගබඩාව තුළ සීනි මෙට්‍රික් ටොන් 594ක් තිබූ අතර එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියා පැවසුවේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ මෙම ස්ථානයට රැගෙන ආ සීනි තොග, කොටස් වශයෙන් පිටතට ගනු ලැබුවේ මාස 8කට පමණ පසුව බවය. 
 
එම සීනි තොගය ද මුද්‍රා තැබුණු අතර එය ද බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය ගබඩාවක් බව තහවුරු විය. 
 
මේ අතර වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ සීනි ටොන් 4,800 ක ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය පෙරේදා (28) සමත්ව විය. 
 
  
සීනි හිඟයක් රටතුළ මවාපාමින් කූඨ වෙළෙඳුන් සීනි කිලෝවක මිල රුපියල් 220ක් දක්වා ඉහළදමා ඇති පසුබිමක මෙම සීනි තොග සොයාගෙන තිබෙන අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද අධිකාරිය මඟින් ආරම්භ කර තිබේ.
  
ආනයනික බද්ද සත 25 කට අඩුකරමින් සීනි කිලෝවක් අලෙවිකළ හැකි මිලද රුපියල් 85ක් ලෙස සඳහන් කරමින් පසුගිය වසරේ නොවැම්බර් මස ගැසට් නිවේදනය නිකුත්කළ පසු මෙරට සීනි අවශ්‍යතාව මෙන් දෙගුණයක සීනි තොගයක් (මෙට්‍රික් ටොන් 650,000) ආනයනය කර තිබෙන අතර එලෙස ආනයනය කළ සීනි තොග සඟවාගෙන කෘතීම සීනි හිඟයක් රටතුළ ඇතිකර රුපියල් 220 ක් වැනි අධික මිලට සීනි කිලෝවක් වෙළෙඳපොළේ අලෙවිවෙමින් ඇති බවට ආණ්ඩුවේ 'දිනමිණ' අනාවරණය කරයි.
 
මේ ආකාරයට සීනි තොග සඟවා ගෙන සිටින බවට චෝදනා එල්ල වන පසුබිමක වත්තල මාබෝල ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ ගබඩාවක සීනි තොගයක් ගබඩාකර ඇති බවට පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව එම ස්ථාන පරීක්ෂා කිරීමේ දී අදාළ සීනි තොගය සොයාගෙන ඇත.
 

 
 
 
අද සිට දුඹුරු සීනි කිලෝව රු. 130/= යි
 
1577003192 Janaka Wakkubura L
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර
  
මේ අතර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසන්නේ අද (30 )  සිට ලංකා සීනි සමාගම මගින් සීනි කිලෝ එකක් රුපියල් 125  ට නිකුත් කිරීමට තීරණය කල බවයි.
 
මේ වන විට වෙළද පලේ සීනි මිල සීග්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මෙම පියවරගෙන ඇත. මේ වන විට වෙළද පලේ 200ත් 220ත් වැනි මිලට සීනි කිලෝවක් අලෙවි වේ. 
 
ඒ අනුව ලංකා සීනි සමාගමට අයත් සෙවනගල හා පැල්වත්ත යන සීනි කර්මාන්ත ශාලා මගින් ලංකා සතොසට, ලංකාව පුරා පිහිටි සමුපාකාර සහ බජට් ෂොප් සදහා ඇති තරම් සීනි ලබා දෙන බව අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කීය.
 
ඒ අනුව සතොස මගින් රුපියල් 130ට දුඹුරු සීනි කිලාවක් ලබාගත හැකි බවත් දුර ප්‍රමාණය අනුව ඒ ආසන්න මුදලකට සමූපාකාර මගින් දුඹුරු සීනි ඉදිරි දින කිහිපයේදී ලබාගත හැකි බවද ඔහු පැවසිය.
 
ලංකාවේ සියලු සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සීනි අවශ්‍යතාවයේන් 20% ක් පමණක් සැපයෙන බවත් ඒ අනුව ඉදිරියේදී ලංකා සීනි සමාගම මැදිහත් වී සුදු සහ දුඹුරු සීනි ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය වරයා වැඩිදුරටත් කීය. 
 
රටේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් අසීමිත ලෙස සීනි මිල වැඩිකර අසීමිත ලාබයක් ලබන බවත් එම නිසා සෘජුවම රජය මැදිහත්වී මේ තත්වය පාලනය කරන බවද අමාත්‍ය ජානක වක්කුඹුර මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
 

 

 


The Leader TV
 
කොරෝනා ඇඳුම් කට්ටල ජාවාරම කාගේ වැඩක්ද?
 
 

 

ආණ්ඩුවත් නොදන්නා ආණ්ඩුවේ තීන්දු ගන්නේ කවුද?

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්