වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට (31)
උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබේ.
මෙලෙස කැඳවා ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම හා එම පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති බවටත්, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා සහ දූෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් ඔහු Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවට දැක්වූ අදහස් හේතුවක් කරගනිමිනි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි.
ඒ අනුව, අද (30) සවස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හමුවීමට පැමිණ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරයා දන්නා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බැවින් හෙට උදෑසන 8.30ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ලිඛිත දැනුම්දීමක් කර තිබේ.
අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයක්
මීට අමතරව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මෙම විනය පරීක්ෂණයේ මූලික කටයුතු හෙට ( 01) දිනයේ දී ආරම්භ වීමට නියමිත වන අතර ඊට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ වූ කරුණු කිහිපයකි.
කොව්ඩ වසංගතය කමනාකරණය කිරීමේදී දැනට මතුව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බන්ඩාර විවේචනාත්මක විග්‍රහයක් එහිදී සිදු කළ අතර එහිදී කොවිඩ් අර්බුදය ජාවාරමක් බවට පත් කරගත් පාර්ශ්ව සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් එල්ල කළේය.
ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව තුළ සිදුවන ජාවාරම් සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධව ඔහු හෙළි කළේය.
මේ හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය පැවත්වෙනු ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මීට ඉහත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබූ අතර පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කෙරිණි.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපතිධූරයට නාම යෝජනා භාරදුන් අතර ඔහුගේ අයදුම්පත්‍රයේ දෝෂ ඇතැයි පවසා එය ප්‍රතික්ෂේප කිරීට ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ සභාපතිත්වයෙන් යුතු එම සංගමයේ නාම යෝජනා කමිටුව තීරණය කර තිබිණි.
එයට විරෝධය දක්වා ජයරුවන් බණ්ඩාර අධිකරණයේ පිහිට පැතූ අතර අධිකරණයේ නියෝගය වූයේ ඔහුගේ නාමයෝජනා භාරගෙන ස්වාධීන කමිටුවක මෙහෙයවීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්විය යුතු බවයි.
නමුත් මෙතෙක් එහි නිලවරණය පවත්වා නොමැත.
(මුලාශ්‍රය -rata.lk)
THE LEADER TV
තොග මාසයකට : සීනිත් සලාකයට
විමල් මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට!