'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇතැයි ඔහුගේ අනුගාමිකයින් කියන කතා මුළුමනින්ම අසත්‍යක් බව

ඇමරිකානු රාජ්‍ය ආයතනයක් විසින් නිකුත්කර ඇති ලේඛනයකින් අනාවරණය වේ.

ඒ අනුව, පසුගිය කාර්තුවෙහි ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරමින් එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ  අභ්‍යන්තර ආදායම් සේවය (IRS) විසින් සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුලත් නොවේ.

සෑම කාර්තුවක්ම අවසාන වී දින 30ක් ඇතුළත ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි මෙම ලැයිස්තුව ප්‍රසිද්ධ කරනු ලැබේ.

පසුගිය ඉරිදා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළ ගෝඨාභය රාජපක්ෂ 2019 අප්‍රේල් 17 වන දින එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන භාර දුන් බව වාර්තා විය. නමුත් ඇමරිකානු IRS විසින් 2019 අගෝස්තු 7 වන දින නිකුත් කරන ලද ලේඛනයේ ඇමෙරිකානු පුරවැසිභාවය අහිමි වූවන් අතර ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුලත් කර නොමැත. 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම සඳහා ශ්‍රී ලංකික පුරවැසියකු විය යුතුය. ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට කිසිඳු ඉඩක් නොමැත. අද ප්‍රකාශයට පත්ව ඇති ඇමරිකානු රජයේ ලේඛනයට අනුව ගෝඨාභය රාජපක්ෂ මේවනවිටත් ඇමරිකානුවෙකි.

මෙම ලේඛනය ප්‍රකාශයට පත්වීමත් සමග අමාත්‍ය හර්ෂ ද සිල්වා නිකුත්කර ඇති ට්විටර් නිවේදනයක මෙසේ සඳහන් වේ.

''2019 ජුනි 30 වන විට පුරවැසිභාවය අහිමි වූ එක්සත් ජනපද පුරවැසියන්ගේ ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම ඇතුළත් වී නැත. එසේ නම් ඔහු 2019 මැයි මාසයේදී ශ්‍රී ලංකා පුරවැසිභාවය පමණක් ලබාගත්තේ කෙසේද?'' ඇමතිවරයා එම ට්විටර් සටහන මගින් විමසා ඇත.

Harsha Twite 15 08

ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවයට අදාළ පුවත ශ්‍රී ලංකාවේ පලකෙරෙන FT  හා ඩේලි නිව්ස් අද මෙසේ වාර්තා කර තිබේ.

Gota still American?

US govt notice of persons revoking citizenship Gota’s name not on latest US list

එම්.ඒ. රත්න ඒ සම්බන්ධයෙන් නිකුත්කර ඇති ට්විටර් සටහනක මෙසේ සඳහන් වේ.

MARatna Twite

ද්විත්ව පුරවැසියෙක් අවොත් විරෝධතා පුළුවන්


ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළහොත් ඕනෑම පුරවැසියෙකුට ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

නාම යෝජනා භාර ගැනීමෙන් පසු විරෝධතා දැක්වීමට කාලයක් ලබාදෙන බවත් එම කාලය තුළදී විරෝධතා දැක්විය හැකි බවත් එසේ නොමැති වුවහොත් පසුව අධිකරණයට යාමටත් හැකියාව තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.   

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අපේක්ෂක අයදුම්පත ඉදිරිපත් කිරීමේදී සත්‍ය තොරතුරුම ලබාදීම අපේක්ෂකයාගේ වගකීමක් බවද ඊයේ  (14 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා සිටියේය.

අදාළ ඇමරිකානු ලේඛනය මෙන්න 
2019 17498 01

2019 17498 02

2019 17498 03

2019 17498 04

2019 17498 05

2019 17498 06

2019 17498 07

2019 17498 08

2019 17498 09

2019 17498 10

2019 17498 11

2019 17498 12

2019 17498 13

2019 17498 14

2019 17498 15

2019 17498 16

2019 17498 17

සබැඳි පුවත් :

ඇමරිකානු  ලැයිස්තුවේ ගේඨාගේ නම නෑ !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්