ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO ) විසින් රට වැසීම පිලිබදව මෙරට සෞඛ්‍ය අංශ වෙත දැනුම් දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා පිලිබදව මහජනයා අතර කතිකාවතක් නිර්මාණය වී ඇත.
මෙලෙස WHO විසින් සෞඛ්‍ය අංශ වෙත ලබා දුන් වාර්තාව පිලිබදව Fact Research කණ්ඩායම විසින් සත්‍ය අසත්‍යතාවය සොයාබලා වාර්තාවක් ඉදිරිපත්කර ඇත.
මෙම කාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයකම පලවී තිබු විවිධ පුවත්පත් වාර්තා කෙරෙහි Fact Research කණ්ඩායමේ අවදානය යොමුව තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් එක් වෙබ් අඩවියක මෙසේ සඳහන්ව තිබිණ.
''තවත් සති 3 ක කාලයක් දැඩි සංචරණ සීමා වලට යටත්ව රට වසන්නයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් කර ඇති බව සදහන් වේ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් මෙම ලිඛිත ඉල්ලීම සිදු කර තිබේ. ''
තවත් මාධ්‍ය වාර්තා වල මෙලෙස පළ කර තිබිණි.
සීමාකිරීම් සැප්තැම්බර් 18දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් ද, ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් ද වළක්වාගත හැකි බව මෙම විශේෂඥවරු පෙන්වාදෙති. ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හා ඔක්සිජන් වැනි ඉතා වැදගත් සැපයුම් හිඟවීම වැනි හේතු මත ඇතිවන අධික පීඩනයෙන් මිදීම සඳහා සෞඛ්‍ය පද්ධතියට යම් කාලයක් ලැබෙනු ඇති බව ද ඔවුහු පවසති.
තොරතුරු විමර්ශනය (Fact Check)
Fact Research කණ්ඩායම අදාල වාර්තාව පරිශීලනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ, එහි පළමු පිටුවේ පහත පරිදි සදහන් කරමින් එම වාර්තාවේ අන්තර්ගතය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසක් ලෙස පිළිබිඹු නොවන බවයි.
This meeting was facilitated by WHO Sri Lanka. The key observations and recommendations indicated below
represent the consensus achieved by the national technical experts at the meeting and do not necessarily
reflect those of WHO. Global WHO guidance is available if needed.
මේ පිලිබදව Fact Research කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී තහවුරු වී ඇත්තේ, එම වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දායකත්වය ලබා දෙන ස්වාධින කමිටුවක් විසින් සිදු කරන ලද වාර්තාවක් බවයි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක ගෙන් Fact Research කණ්ඩායම විමසීමක් කර තිබිණ. එහිදී ඔහු මෙසේ සඳහන් කර තිබේ.
''මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායම ඔවුන්ගේ හයවන රැස්වීමේදී සාකච්ජා කරන ලද කරුණු පිළිබද වාර්තාවක් එලි දක්වල තියනවා. නමුත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ කොළඹ පිහිටි කාර්යාලය විසින් සිදු කරන ලද්දක් නොවේ. මෙරට කාර්යාලය පහසුකම් සැපයීම කියන්නේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල ප්රකාශනය අතර විශාල වෙනසක් තියනවා. නමුත් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය යනුවෙන්. WHO සිදු කරන ප්‍රකාශ පිළිබද මහජනයාගේ යම් ගෞරවයක් තිබෙනවා. නමුත් WHO නමින් මාධ්‍ය වාර්තා කරා කියන කොටම මහජනයා නොමග යනවා. මෙය පළමු අවස්ථාව නොවේ. අගෝස්තු 13 වන දින ඔවුන්ගේ 5 වන කමිටු රැස්වීමේ වාර්තාව පිළිබද වත් මෙවැනි කතිකාවතක් ඇති උනා .
මහජනයා හිතන්නේ එතකොට ජිනීවා තිබෙන සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායම් කළ ප්‍රකාශ කියලා. එතකොට මහජනයාට බියක්, චකිතයක් ඇති වෙනවා. මේ ස්වාධින කමිටුවේ එක් සාමාජිකයෙක් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ, ජනතා බලවේගයේ ප්‍රධානතම සාමාජිකයෙක්. තව සාමාජිකයෙක් තමයි මෙරට සයිනොෆාර්ම් එන්නත අනුමත නොකර, මාසයක් තමන් යටතේ තබා ගෙන ඉඳපු ජාතික ඖෂධ අධිකාරියේ සාමාජිකයෙක්. පසුව ඔවුන් එතනින් අයින් වෙලා ගියා.
ඒක නිසා මම මාධ්‍යවේදීන්ගේ ඉල්ලා සිටිනවා අවම වශයෙන් එම ස්වාධින කමිටු වාර්තාවේ පළමු වැකිය වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් නොවේ කියන එක වත් නිසි පරිදි වාර්තා කරා නම් මහජනයා නොමග යවන එක වලක්වන්න පුළුවන් කියලා.''
නිගමනය
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්තෝම්බර් 2 වන දා තෙක් රට අගුළු දැමීමට මෙරට සෞඛ්‍ය අංශ වෙත නිර්දේශ කරන ලද බැව් පැවසෙන පුවත අසත්‍යක් වන අතර, සත්‍ය වශයෙන්ම සිදු වී තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුල්‍ය පහසුකම් සලසන ලද "කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායම" නමැති කණ්ඩායම විසින් ඔවුන්ගේ 6 වන රැස්වීමේදී සාකච්ඡා කර ඇති කරුණු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නම භාවිතා කරමින් පළ කර ඇති බවයි.
THE LEADER TV
තොග මාසයකට : සීනිත් සලාකයට
විමල් මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට!