කොවිඩ් වසංගතය යොදා ගෙන ආණ්ඩු විරෝධීන් දඩයම් කිරීම නිසා උතුරේත් දකුණේත් අතුරුදහන් කළවුන් එක්ව සැමරීමේ ඉඩ ඇහිරී තිබෙන බවට
රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා නැගී තිබේ.
ඊයේට (30) යෙදී තිබුන අතුරුදහන් කළවුන්ගේ ජාත්‍යන්තර දිනය ගැන සිය අදහස් දක්වමින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබූ දකුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඊයේ මාධ්‍ය හමුවේ කියා සිටියේ, ''පහුගිය කාලේ වගේ උතුරේ දකුණේ අම්මලාට, ඥාතීන්ට බලහත්කාරයෙන් අතුරුදහන් කළ තමන්ගේ සමීප අයව සමරන්න අවස්ථාවක් නැහැ. අපි එලියට බැස්සොත් රෝග බියට වඩා රෝගයට ගොදුරු කිරීම ට පුළුවන්, ආණ්ඩුව සෞඛ්‍ය තත්වය පාවිච්චි කරනවා අපිව දඩයම් කරන්න. ගුරුවරුන්ට සිදුවූ දේ මේකට හොඳ උදාහාරණයක්'' බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව බලහත්කාරයෙන් අතුරුදහන් කළවුවන් ගැන සොයා බලා යුක්තිය ඉටු කිරීමට අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක් පිහිටුවනු ලැබිණි.
යහපාලන ආණ්ඩු සමයේදී පිහිට වූ මෙම කාර්යාලය අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ බුදලයක් බවට පත්ව ඇතැයි සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කළාය.
''අපිට යුක්තියක් ඉටු වෙන්න තිබුණු අතුරුදහන්කළවුන්ගේ කාර්යාලයෙන් අතුරුදහන් කළවුන් සමරන මේ මාසෙම මට ලිපියක් එනවා අයි.සි.ආර්.සී එකට යු.එන් එකට යවපු ලිපි වල පිටපත් ඉල්ලා, මේ විදිහට අපෙන් තොරතුරු ඉල්ලන්නේ අපිව කරදරයට පත් කරන්න. නැවත නැවතත් හිංසනයට පත් කරන්න'' යැයි කියා සිටී ඇය පෙන්වා දෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ යහපාලන සමයේ දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පිහිටවූ කොමිසම මගින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් කළ චුදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කර ඇති බවය.
මෙවැනි ක්‍රියා තුලින් අධිකරණයේ ස්වාධිනත්වයට කුමක් වන්නේද යැයි ද ප්‍රශ්න කළාය.
යහපාලන සමයේ දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති වූ විශ්‍රාමලත් විනිසුරු උපාලි අබේරත්න අතුරුදහන් කළවුන්ගේ කාර්යාලයේ සභාපති වරයා ලෙස ජනධිපති රාජපක්ෂ විසින් පත් කළේය.
''ආණ්ඩුව යුක්තිය ඉටු කරන බවක් නම් අපිට පේන්නේ නැහැ, ඔවුන් මේ නඩු සියල්ල ඉවත් කරන්න පුළුවන්'' යැයි පෙන්වා දෙන සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටින්නේ සත්‍ය යුක්තිය ගරු කරන පාර්ශවයන් අතුරුදහන් කළවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවය.
''කවදා හෝ සත්‍ය හෙළි වෙනවා, එය කිසිසේත් යටපත් කරන්න බැහැ'' යැයි මාධ්‍ය හමුවේ ඇය පාලක රාජපක්ෂවරුන්ට අවධාරණය කළාය.
THE LEADER TV
තොග මාසයකට : සීනිත් සලාකයට
විමල් මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට!