අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID) හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර දින 14 ක් කල් ඉල්ලා ඇත.
 ඒ, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කරමිනි.
 
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජයසුමන බණ්ඩාර පසුගියදා 'යූ ටියුබ්' සමාජ මාධ්‍ය නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී වැරදි තොරතුරු ජනතාවට ලබාදී ඇතැයි ලද පැමිණිල්ලකට අදාළ කරුණු විමසීම සඳහා ඔහුට අද (31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඊයේ දැනුම් දී තිබිණ.
 
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබුනේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරුන් විසිනි.
 
 
කොවිඩ් ආසාදනය වෙලා !
 
 
යූ ටියුබ් සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරතිබූ කරුණුවලට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා තිබුනත් අද දින ඔහු නොපැමිණ තම නීතීඥයන් පමණක් ඉදිරිපත් කර තිබුණි.
 
එහිදී වෛද්‍ය ජයසුමන බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි සමගි ජන බලවේගයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මෙසේ පැවසිය. 
 
''වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා කොවිඩ් ආසාදනය වෙලා දැනට කොවිඩ් සුව වීමෙන් පසුව ඇති වෙන යම් යම් සංකූලතා හේතුවෙන් යම් යම් උපදෙස් මත විවේක සුවයෙන් ගත කළ යුතුයි කියන වෛද්‍ය උපදෙස් ලබා දීලා තියන නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් මගින් දැනුම් දුන්නා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්තයාට දින 14 ක කායලක් එම ප්‍රකාශය ලබා දීම සඳහා ලබා දෙන්න කියලා. දින 14 කට පස්සේ ජයරුවන් බණ්ඩාර මහත්තයා ඇවිල්ලා සාකච්ඡාවේදී යම් කිසි කරුණක් හෙළිදරව් කරලා යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියනවා නම් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබා දෙයි.''
 
 
 
අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයක් !
 
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක ඉහල පරිපාලන තනතුරක් දරන අතරතුර ඔහු සිදුකල ආන්දෝලනාත්මක හා යම් යම් අසත්‍යය ප්‍රකාශ පිලිබදව අමාත්‍යංශ මට්ටමින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යංශයේ පරිපාලන නිලධාරියෙකු පැවසිය.
 
රාජ්‍ය සේවකයෙකු ලෙස පවත්වාගත යුතු වෘත්තීය ආචාරධර්ම හා විනය නීතීන් ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවට බැලූ බැල්මට පෙනීයන බව පැවසු එම නිලධාරීයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ,  මෙම චෝදනා වලට ඔහු වරදකරු වීමේ වැඩි සම්භාවිතාවයක් පවතින අතර ඒ හරහා ඔහුට බරපතල වෘත්තීය ගැටලු රැසකට මුහුණ පෑමට ඉඩ ඇති බවයි. 
 
මීට පෙරද රාජ්‍ය නිලධාරීයකු ලෙස තම සීමාව ඉක්මවා සිදුකල ප්‍රකාශ හේතුවෙන් වෛද්‍ය ජයසුමන බණ්ඩාර ඔහු දැරූ සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන්ද ඉවත් කරනු ලැබූ බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
Dr
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන - වෛද්‍ය උත්පල ඉන්ද්‍රවoශ
 
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අදාල සම්මුඛ සාකච්ඡාවේදී රාජ්‍ය ඖෂධ නීතිගත සoස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත චෝදනා රැසක් එල්ල කරනු ලැබීය. 
 
යුධ සමයේදී හමූදා රෝහලට සම්බන්දව හමුදා සෙබලුන් රැසකගේ දිවි ගලවා ගනීමට විශාල සේවාවක් සිදුකල අයෙකු ලෙස වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ජනාධිපතිවරයාගේ අඟයිමට ලක්වුවෙකි. ඔහු වියත්මඟ සංවිධානයේ ද ප්‍රබල සාමාජිකයෙකි. 
 
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඔහුගේ සම්මුඛ සාකච්ඡාව තුල තවත් බරපතලම චෝදනා එල්ලකලේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සoස්ථාවේ (SPMC) සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවoශ වෙතයි.  ඔහුද වියත්මඟ සංවිධානයේ සාමාජිකයෙකි. 
 
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව SPMC ආයතනයේ සභාපති තනතුරට වෛද්‍ය ජයසුමන බණ්ඩාර පත්කල අතර, පසුව ඔහුව ඉවත්කර වෛද්‍ය උත්පල ඉන්ද්‍රවoශ ඒ සදහා පත්කරන ලදී.  
 
 
 ඖෂධ මාෆියාව ?
 
 
 කොළඹ මහා රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කලක් සේවය කල වෛද්‍ය උත්පල, පිටරටින් ගෙන්වන ඇතැම් ඖෂධ ශ්‍රී ලංකාව තුළම නිශ්පාදය කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් මේවනවිට ඖෂධ අනායනකරුවන්ගේ උදහසට ලක්ව ඇතැයි SPMC ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
මීට දින කීපයකට පෙර SPMC මගින් හඳුන්වාදුන් "තයිරොක්සින්" නැමති ඖෂධය ලබාගැනීමෙන්  තයිරොයිඩ් ආශ්‍රිත රෝගීන්ට කිසිදු සුවයක් අත්නොවන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කලද එම ඖෂධය SPMC මගින් මේ දක්වා වෙළඳ පොලට හෝ රජයේ රෝහල් වෙත නිකුත්කර නොමැති බව එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.
 
මෙතෙක් මහජනයාට නිකුත් කර නොමැති ඖෂධක් පිලිබදව අසත්‍යය ප්‍රකාශ කිරීම තුලින් ශ්‍රි ලංකා වෙළඳපල තුළ නිතරම හිගයක් ඇතිවන  එම ඖෂධය දේශියව නිශ්පාදනය කිරීමේ ක්‍රියාන්විතයටද  බාධාවක් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසිය. 
 
 
 
වෛද්‍ය ජයරුවන්ගේ චෝදනාවට රාජ්‍ය ඇමතිගෙන් පිළිතුරු.
 
මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන අද (31) ප්‍රකාශ කළේය.
 
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය, චන්න ජයසුමන එහිදී සඳහන් කළේ එම ඖෂධය මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවය.
 
"තයිරොක්සින් ඖෂධය රත්මලාන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේ ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරලා එළිදැක්වූවට උත්සවයක් තියලා, අප තාම ඒක වෙළෙඳපොළට නිකුත් කරේ නෑ. සැප්තැම්බර් මාසයේ වෙළෙඳපොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ. හැබැයි මේ ප්‍රකාශය සිදුකරපු පුද්ගලයා මොකක්ද කිව්වේ. මේ තයිරොක්සින් ඖෂධය බීලා ඒ රෝගීන් කියනවාලු ඒකෙ ප්‍රතිඵලයක් නෑ කියලා. අමූලික බොරුවක්."
 
 
 
 
 
236102402 3170905153234207 1744156281585686379 n
 

 

THE LEADER TV 
 

 

 

මව්පෙරමුණට තිහයි! සන්ධ්‍යාට OMPයෙන් තෑග්ගක්? 

 

 

ස' SB සර්ගෙ ගණන් පංති ගිහින්! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්