උතුරේ දියත් කළ යුද්ධය නිමා වීමෙන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා මන්නාරමේ මව්වරුන්
අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ.
 
මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින් මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන් මන්නාරම  දිස්ත්‍රික්කයේ මව්වරුන් සිය නිවෙස් තුළ අගොස්තු 30 වැනි සදුදා දිනයේ විරෝධතා දියත් කළ බවයි පළාත් බද වාර්තකරුවන් පවසන්නේ.
 
බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා උතුරේ මව්වරුන් ද  අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබුනි.
 
සත්‍ය සොයා ගන්නා තුරු අරගලය අත් නොහරින බව සපත කරමින්  විරෝධතා දියත් කළ මන්නාරම් දිස්ත්‍රික්කයේ මව්වරුන් මිය ගිය සමීපතමයන් සිහිකරමින් මල් පුදා පහන් දැල්වීමටත් කටයුතු කර තිබේ.
 
04 201 2 
 
යුද්ධය නිමා වීමෙන් පසු තමන් විසින් ආරක්ෂක අංශ වෙත බාර දුන් සහ විමර්ශන සදහා බව පවසමින් ආරක්ෂක අංශ විසින් රැගෙනයෑමෙන් පසු බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සමීපතමයන් වෙනුවෙන් ඔවුන් යුක්තිය ඉල්ලා සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
යුද හමුදාවට භාරවීමෙන් පසුව අතුරුදහන් කරනු ලැබුවන් අතර බාල දරුවන් තිහකට වැඩි සංඛ්‍යාවක්ද ඉන්නා බව උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෙත ඊයේ (31) යැවූ ලිපියක සඳහන් වේ.
 
 
OMP වෙත චෝදනා
 
  
යුද සමයේදී හා ඉන් පසුවත් අතුරුදහන් කරන ලද සිය ගණනකගේ ඡායාරූප ඇතුලත් කරමින් සකස් කරන ලද ප්‍රධාන බැනරයක් ප්‍රදර්ශනය කරමින් මන්නාරම නගරයේදී  ජුලි 30 වැනිදා  විරෝධතා දැක්වු අතුරුදහන් වුවන්ගේ පවුල්වල සමාජිකයන් චෝදනා කර තිබුනේ, මන්නාරමේ  ස්ථාපිත කර තිබෙන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් අතුරුදහන්වුවන්ගේ පවුල් වලට වන්දි  මුදල් ලබා දී යුක්තිය ඉටු කිරීම යට ගැසීමේ උත්සාහයක නිරත වන බවයි.
 
 
රජය සමග සහයෝගයෙන් වැඩ කරන ලෙසත්, අතුරුදහන්ව සිටින අය වෙනුවෙන් වන්දි මුදල් ලබා ගන්නා ලෙසත් එම නිලධාරීන් තමන්ට බලපෑම් කරන බවට චෝදනා කළ දෙමළ මව්වරුන් පසුගිය මාසයේ තව දුරටත් අවධාරණය කරතිබුනේ තමන්ට යුක්තිය ඉටු වන තෙක් අරගලය අත් නොහරින බවයි.
 
 
ඉරණම නොදැන අවසන් ගමනේ
 
 
 117674333 mediaitem117674332 
 
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ  දියත් කර ඇති අඛණ්ඩ අරගලයට  එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.
 
අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරක්  පිරි ඇත.
 
 මෛත්‍රී - රනිල් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව හිටපු  OMP ප්‍රධානියාද පිළිගෙන තිබුනි.
 
 කෙසේ වෙතත්, පසුගිය ආණ්ඩුව විසින් OMP කාර්යාලය පිහිටුවීම “වැදගත් පියවරක්” ලෙසින් නැවත වතාවක්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රසාදයට ලක් වී තිබේ.
 
  
“ශ්‍රී ලංකාවේ ආණ්ඩුව 2016 දී අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීම වැදගත් පියවරකි. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වන්නේ වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ විශ්වාසය ගොඩනැගිම සහ පවත්වා ගැනීමය. වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කිසියම් පිළිතුරක් ලබා ගැනීමට ඉවහල් වන අතිශයෙන් වැදගත් වැඩ කොටස සඳහා සම්පත්, කුසලතා සහ දේශපාලන සහාය ලබන සම්පුර්ණ ස්වාධීන සහ කාර්යක්ෂම ආයතන අවශ්‍ය ය,” යි එක්සත් ජාතීන්ගේ කොළඹ නේවාසික සම්බන්ධීකාරිකා හනා සිංගර් හම්ඩි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නීය.
 
 
ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ආයතනයක් එක්සත් ජාතීන් විසින් බලහත්කාරයෙන් පැටවීම කොය්තරම් යුක්ති සහගත දැයි අතුරුදහන් වුවන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගෙන් විමසා තිබේ.
 
 “මේ OMP කාර්යාලය පිහිටුවා ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ අනුදැනුමකින් තොරව රහසිගතවය. අඩුපාඩු සහ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ නිර්දේශ සම්බන්ධයෙන් පියවර ගැනීමට අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් OMP කෙටුම්පත ක්‍රියාත්මක වූදා සිට කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන නැත. එමනිසා අපි මෙම OMP කාර්යාලය විවෘත කිරීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් දියත් කළෙමු,” යි සංගමයේ සභාපතිනි යෝගරාසා කලාරන්ජනී සහ ලේකම් ආනන්දනඩරාජා ලීලාදේවී විසින් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ වෙත යවන ලිපියක දැක්වේ. 
 
 
image 2 
මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ 
 
 
යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.
 
ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.
 
 
 

THE LEADER TV 
 
මංගලට කළ හැකි ලොකුම දේ ? 
 
 
මව්පෙරමුණට තිහයි! සන්ධ්‍යාට OMPයෙන් තෑග්ගක්? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්