පළාත් සභා සමාලෝචන වාර්තාවේ නීතිමය තත්වය හා සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත්වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය හැකියාවක් තිබේද?

යන කාරනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර ඇත්තේ ඇයිද කියන කාරණය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබේ.

ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති කරුණු විමසීමට අදාලව නීතිමය ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා නීතීඥ සංගමයට දැනුම් දී තිබේ.

සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත්වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදුකර ඇති බවත් එම කරුණට අදාලව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයන්ට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ලිඛිත දේශන තිබේනම් ඒවා මෙම මස 21 වැනිදා දහවල් 12.00ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

එසේම ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මත විමසීමට අදාල විභාගය ලබන 23 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර එහි තීරණය ලබන 30 වැනිදා ලබාදීමට නියමිත බව ලිපියේ දැක්වේ.

ජනාධිපතිවරණය පෙර පළාත් සභා ඡන්දයක් ද?

Text 81ජනාධිපතිවරණය පැවැත්විමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පසුගිය ජුලි 24දා සම්මත කරගෙන තිබු අතර ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමක් කර ඇත්තේ ඒ අනුව බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.

පළාත්සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැතිවීම සඳහා සීමා නීර්ණය වාර්තාව ගැසට් කළ යුතු යැයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එකඟතාවයක් ඇති කර ගත් බවට පළවී ඇති මාධ්‍ය වාර්තාව පිළිබඳව අදහස් දක්වමින්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන්නේ, පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළව පත්කළ සීමා නීර්ණය කමිටුව විසින් සකස් කොට,පාර්ලිමේන්තුව සම්මත නොකළ වාර්තාව ගැසට් කොට එය නීත්‍යානුකූල බවට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බවයි.

මෙම මතගැටුම ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදී ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු පැවසුයේ, ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමක් සිදුකරනු ලැබුවේ, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා පැවැත්වීමේ අරමුණකින් නොවන බවයි. ඊට වඩා බරපතල කාරණයක් මෙතන තියනවා යයි අවධාරණය කරමින් ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

'' සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරාජයට පත්වුනා. දැන් පළාත් සභා මුළුමනින්ම අක්‍රිය වෙලා. සුළු ජන කොටස් වෙනුවෙන් තිබුන එකම බලාපොරොත්තුවත් බිඳ වැටිලා. කිසියම් හෝ අවාසනාවකට සිංහල අන්තවාදියෙක් ජනාධිපති ධුරයට පත්වුනොත් පළාත් සභා සදහටම අහෝසිවී යාමේ ඉඩක් තියනවා. ඒ ගැන අපි ගැඹුරින් සිතන්න ඕන ..''

වාර්තාව අගමැතිගේ භාරයේ !

Text 82පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා හිටපු මිනුම්පති කේ.තවලිංගම්ගේ සභාපතීත්වයෙන් පත් කරණ ලද සමාලෝචන කමිටුවක් විසින් සකස් කළ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරාජයට පත්විය.

කෙසේවෙතත් ඉන්පසු කතානායක කරු ජයසුරිය විසින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවකට එම වාර්තාව සමාලෝචනයට බාර දී තිබිණ. එසේ පළාත් සභා සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ කටයුතු සදහා කතානායකවරයා විසින් එම කමිටුවට ලබා දී තිබු මාස 2 ක කාලය ඉකුත් වසරේ (2018) ඔක්තෝම්බර් 28 දායින් අවසන් වූ අතර එම වාර්තාව තවමත් ඒකී කමිටුව භාරයේ රදවා ගෙන තිබේ.

මැතිවරණ කොමිෂමේ ඉල්ලීම:

මේ වනවිට පළාත් සභා 8ක කාලය අවසන්ව ඇතත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකිවීම පිළිබද ආණ්ඩුවේ දැනුවත් කල්මැරීම තවදුරටත් අනාවරණය කරමින් පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යවමින් එම සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බව අවධාරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි ජනපතිට බලපෑම් ! 

Text 83සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ ලේකම්වරයා විමසා එහි වාර්තාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, එය තමන් වෙත ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව මගින් ලැබී ඇති බලය හා වගකීම සලකා වහා ප්‍ර‍කාශයට පත් කර මැතිවරණ කොමිෂන් සභාවට ඡන්ද විමසීම පැවැත්වීම සදහා අවස්ථාව උදාකරණ ලෙසත් 'කැෆේ' මැතිවරණ නිරීක්ෂණ සංවිධානය මිට ඉහතදී ජනාධිපතිවරයා ගෙන් කිහිපවරක්ම ඉල්ලා තිබිණ.

එසේම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා බලාත්මක වන නීතිය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද ජනාධිපතිට යොමුකර ඇති ලිපියකින් අවධාරණය කර තිබිණ.

''ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (33)ඇ ව්‍යවස්ථාව ප්‍රකාරව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමට උචිත වාතාවරණය නිර්මාණය කිරීම, තහවුරු කිරීම ගරු ජනාධිපතිතුමන්ගේ කාර්යයක් වන නිසා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට අවශ්‍ය උචිත වාතාවරණ සකස් කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම මේ වෙනුවෙන් ගතහැකි එකම ක්‍රියාමාර්ගය බව ද කාරුණිකව වාර්තා කර සිටිමි.'' සුනන්දගේ ලිපියේ සඳහන් වේ.

 

සබැඳි පුවත් :

'පළාත් සභා සීමා නීර්ණය ගැසට් කරන්න ජනපතිට බලයක් නැහැ'

හදිසි පළාත් සභා ඡන්දයක් : ජනාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්