(අම්පාර, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය වල් නාශක නැති නිසා වී ගොවියෝ අමාරුවේ)

 
නැගෙනහිර පලාත, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය ප්‍රදේශවල වී ගොවීන්, වල් නාශක නොමැති කමින් ඉදිරි කන්නයේ වී වගාව සඳහා බිමි සකස් කිරීමේ දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.
 
ලංකාවේම වල් නාශක මේ වන විටත් ව්‍යාපාරිකයින් සහ මහා පරිමාණ ගොවීන් විසින් නැගෙනහිර පලාතටත්, දෙහිඅත්තකණ්ඩිය - මහියංගනය සීමාවටත් රැගෙන යමින් තිබේ. 
 
පසුගිය කන්නයේ කෘමිනාශක හා දිලීර නාශක නොමැතිව වී ඇස්වැන්න අඩුවීමට වඩා වැඩි විනාශයක් වල් නාශක නොමැතිවීම නිසා බිම් සකස් කර ගත නොහැකිවීමෙන් සිදුවන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
 
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
 
''කෘමිනාශක නැතිව බීජ වී, බීජ ධාන්‍ය හා බීජ අර්තාපල් විනාශ වෙනවා''
 
 
නැගෙනහිර පලාතේ සහ ඒ ආසන්න කලාපයේ ගොවීන් ඊලඟ වගාවට අවශ්‍ය බීජ සහ කෘෂි රසායන රැස් කිරීම ආරම්භ කර ඇත.  
 
බීජ වී, හේන් ගොවිතැනට යොදා ගන්නා ධාන්‍ය බීජවල කෘමිහානි වලක්වා ගැනිම සඳහා යොදන කෘමිනාශක නොමැති වීම නිසා බීජ විනාශවීමේ දැඩි අවදානමක ගොවීහු පත්ව ඇත.  
 
ඔක්තෝබර් කන්නය සඳහා අර්තාපල් බීජ ගබඩා කොට ඇති ගොවීන් ද, කෘමි හා පණු නාශක නොමැතිවීම නිසා සිය බීජ අර්තාපල් රැක ගැනීමට නොහැකිව සිටී. 
 
 
වගාව සඳහා බීජ නොමැතිවන්නේ නම් ගොවිතැන් කළ නොහැකි බවත්, කෘමි හානි සහිත බීජවලින් හොඳ අස්වැන්නක් ලැබිය නොහැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට, කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ ආණ්ඩුවට නොතේරීම ගොවියාගේ අවසනාවකි. 
 
 
ලංකාවේ වැඩිම වී අස්වැන්න ලැබෙන්නේ නැගෙනහිර පලාත එයට මායිම් වන කලාපයෙනි.  
 
වල් නාශක යොදා මිස ගොවිතැනට මහා පරිමාණයෙන් බිම් සකස් කිරීම සිදු කළ නොහැකිය.  
 
වල් බීජ සහ කදන් කොටස් විනාශ කිරීම අතින් සිදු කළ නොහැකි අතර, ට්‍රැක්ටර් යොදා දෙතුන් වරක් බිම සකස් කිරීමෙන් පසු වගාව ආර්ථික වශයෙන් එලදායී නොවේ. 
 
එමෙන්ම ගොයම් වගාවෙන් පසුව ද, බඩ ඉරිඟු ඇතුළු හේන් වගාවෙන් පසුව ද යොදන වල් නාශක නොමැති නම් කිසි ලෙසකින් හෝ එලදායී කෘෂි ආර්ථිකයක් පවත්වා ගැනීමට නොහැකි වේ.
 
  
සිය ගජමිතුරු ව්‍යාපාරිකයෙකුට කෘෂිරසායන අලෙවියේ 87% ක් ඒකාධිකාරයක් ලැබෙන පරිදි කෘෂිරසායන අලෙවියට ඉදිරිපත් වූ යෝජනාව මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිකේෂ්ප වී ඇත. 
 
 
කෙසේ නමුත්, විවෘත වෙළෙඳපොළේ කෘෂි රසායන ලබාගත නොහැකි නම් ඊලඟ මහ කන්නය අතහැර දැමීම හැර වෙනත් විකල්පයක් ‍නොමැත.
 
වගාව සඳහා අවශ්‍ය කෘෂිරසායන අඛණ්ඩව සැපයීම රජයේ වගකීමක් බව අවධාරණය කළ යුතුය.
 
 

THE LEADER TV 
 
මංගලට කළ හැකි ලොකුම දේ ? 
 
 
මව්පෙරමුණට තිහයි! සන්ධ්‍යාට OMPයෙන් තෑග්ගක්? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්