කොවිඩ් - 19 පාලනය සදහා මේ වන විට රජය හා සෞඛ්‍ය අංශ ගෙනයනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර
ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය (International Medical Health Organization (IMHO) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද දින (01) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කෙරිණි. 
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් විසින් ඇමරිකාවේ සිටින ඔහුගේ මිත්‍රයන්ගෙන් කළ ඉල්ලිමකට අනුව ඔවුන් විසින් පෞද්ගලිකව එකතු කරන ලද මූල්‍ය ප්‍රතිපාදන මත මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබිණි.
 
මෙම වෛද්‍ය උපකරණ අතර KN 95 මුව ආවරණ, පුද්ගල ආරක්ෂක ඇදුම් , CPAP යන්ත්‍ර, හුමාලක යන්ත්‍ර (Nebulizer), Active Oxygen, අත්සේදුම් දියර, මුහුණු ආවරණ, ශල්‍ය අත්ආවරණ, vocsn pro, Millennium M10 Concentra ඇතුළු කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වන අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ රාශියක් විය.
 
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ උපදෙස් මත උපකරණ නිල වශයෙන් සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ විසින් බාර ගැණිනි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.ශ්‍රීධරන් විසින් වෛද්‍ය සැපයීම් අංශයේ දී එම උපකරණ තොගය බාර දෙනු ලැබීය.
 
මෙම වෛද්‍ය උපකරණ කඩිනමින් දිවයින පුරා පිහිටි රෝහල්, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ක්ෂේත්‍ර නිලධාරින් මෙන්ම සෞඛ්‍ය අංශයේ නොවන ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු වල නිරතවන  නිලධාරීන් වෙත ද අවශ්‍යතාවයන් අනුව ලබාදීමට කටයුතු සිදු කරන ලෙසට සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
 
Image 2Image 3 

THE LEADER TV 
 
 
අතීසාරෙට අමුඩ ගහනවා වගේ ආණ්ඩු කරන හැටි ...!  
 
 
මංගල කියන්නේ සරසවියක් 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්