මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් වුණේ උතුරු නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකළ නිසා බවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු ජනාධිපති අපේක්ෂකවරයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් එම අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජය ගැනීමට කිසිදු ඉඩක් දෙමළ ජනතාව නොදෙන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් මහතා පැවසීය.

යුද්ධය අවසන් කිරීමෙන් පමණක් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දිය හැකි බව මහින්ද රාජපක්ෂ මහතා සිතා සිටින බවත් යුද්ධය නිසා අතුරුදන් වූ අයගේ ඥාතීන් අදටත් තමන්ගේ පවුල්වල අතුරුදහන්වූවන් සොයමින් දුක්විඳින බවත් ඔහු කියා සිටියේය.

රාජපක්ෂ පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාවට විඳින්නට සිදුවූ සියලුම ප්‍රශ්නකාරී තත්වයන් තවමත් එම ජනතාවට අමතක නැති බවත්, ඒකාධිපති, මර්ධනකාරී නායකයන්ට ජනතාව අකමැති බැවින් තම පක්ෂයද අකමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(අනිද්දා -රේඛා නිලුක්ෂි හේරත්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්