ෆයිසර් එන්නත විදීම නිල වශයෙන් හමුදාවට බාර දී නැති බව රජයේ වෛද්‍යවරුන් ඊට එරෙහි වීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරයි.  
 
හමුදා මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුනේ, ෆයිසර් එන්නත ලබා දීම හමුදාවට පමණක් පවරා ඇති බවට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. 
 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මුලිකත්වයෙන් පැවති හලාවත කොකාවිල මධ්‍යස්ථානයේ දී පිටස්තර අයට ෆයිසර් එන්නත ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් පසුව  ''ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මුලිකත්වයෙන් ලබා දෙනවා'' යැයි හමුදාපති මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.
 
 
 
ෆයිසර් එන්නත ලබා දීම හමුදාවට පැවරීම ගැන විරෝධය දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා පවසන්නේ ''හලාවත දී කිසියම් වැරැද්දක් වුයේ නම් එය නිවැරදි කරනවා හැර ෆයිසර් එන්නත විදීම යුධ හමුදාවට පමණක් බාර දීම වැරදියි'' බවය. 
 
 
 
''ගාල්ලේදී  ඇස්ට්‍රොසොනිකා එන්නත විදීමේදී  හලාවත වැනිම ප්‍රශ්නයක් මතු වුවද, ඇස්ට්‍රොසොනිකා විදීමේ සම්පුර්ණ වගකීම හමුදාවට නොදුන්නේ මන්ද''` යැයි  වෛද්‍ය ද සොයිසා ප්‍රශ්න කර සිටී.
 
එන්නත්කරණයට අදාළ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශට බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හිතවාදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ෆයිසර් එන්නත විදීම හමුදාවට පැවරීම ගැන විරෝධය හා දැඩි  අප්‍රසාදය පළ කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ලිපියක් යොමු කොට තිබේ.
 
''සෞඛ්‍ය නිලධාරීන්ගේ වැරදි කියමින් එන්නතකරණ ක්‍රියාවලිය මිලිටරිකරණය කරන්නේ නම් යුද්ද කාලේ ආයුධ ලබා දෙන්න තිබුනේ  සෞඛ්‍ය නිලධාරීන්ට'' යැයි පවසන වෛද්‍ය නවින් ද සොයිසා වැඩි දුරටත් කියා සිටියේ, ''යුද්ධය පැවති කාලයේ හමුදා නිලධාරීන්ටත් චෝදනා එල්ලවූවා සේ  වැරදි කළ සෞඛ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා හැර සමස්ත තාක්ෂණික ක්‍රියාවලියම නවතා දැමීම වැරැද්දක්'' බවය.
 
 
 

 
මේ ගැන අදහස් දක්වන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ''ෆයිසර් එන්නත විදීම හමුදාවට පමණක් ලබා දී ඇති බවට නිල වශයෙන් දන්වා නැහැ'' යි පවසයි.
 
ඇමෙරිකානු නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ලංකාවට ලැබී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය හවුල්වී අඩු ආදායම් රටවලට කෝවිඩ් එන්නත් ලබාදෙන කොවැක්ස් පදනම හරහාය.
 
 
සබැඳි පුවත් :
 
 
 
THE LEADER TV 
වැඩිහිටි ජනතාව කොරෝනා අනතුරට හෙළිම ගැන දත්ත හෙළිවේ
 
අතීසාරෙට අමුඩ ගහනවා වගේ ආණ්ඩු කරන හැටි ...! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්