රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසයි.
ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතු බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනය කර සිටියි.
මෙරට තුළ ආහාර හිඟයක් ඇති බවට ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරය කරමින් සිටියි.
එමෙන්ම ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයන්ද මෙම අසත්‍ය නැවත ප්‍රචාරය කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම සියළු ප්‍රචාර අසත්‍ය බවත් රට තුළ ආහාර හිඟයක් ඇතිවේ යැයි අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසත් රජය ජනතාවට වැඩිදුරටත් දැනුම් දී සිටියි.
රට තුල හදිසි තත්වයක් : ජාත්‍යන්තර අවදානයක්
දකුණු ආසියාතික රටක් වන ශ්‍රි ලංකාවේ මුදල් ඒකකයේ වටිනාකම තියුණු ලෙස පහත වැටීම හේතුවෙන් ඉහළ යන ආහාර මිළ පාලනය කිරීම සඳහා රට තුල 'හදිසි තත්වයක්' ප්‍රකාශ කර ඇති බව BBC ය සිය ප්‍රධාන පුවතක් ලෙස ඊයේ වාර්තා කර ඇත.
හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම මගින් සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පාලනය කරන අතර ඒ මගින් මිළ ඉහල ගොස් උද්ධමනය ඇතිවීම පාලනය කිරීමේ උත්සහයක යෙදෙන බව ලංකාවේ බළධාරීන් ප්‍රකාශ කරන බව BBC ය වාර්තා කරයි.
මේ වසරේදී පමනක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල 7.5% පමණ පහත වැටී ඇති බවත් එම වාර්තාව සඳහන් වේ.
අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පුළුල් පරාසයක හදිසි තත්වයන් ක්‍රියාත්මක කිරීම සඳහා 'අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු' ලෙස විශ්‍රාමික ජෙනරල්වරයෙකු රජය විසින් පත්කර ඇති අතර ඔහුට තොග සහ සිල්ලර වෙළඳුන් සඟවා ඇති භාන්ඩ අල්ලා ගැනීමේ බලය පවරා ඇත.
හදිසි තත්වය ප්‍රකාශ කරමින් ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ 'අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග මිළදී ගැනීමෙන් ජනතාවට සහන මිළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට බලධාරීන්ට හැකි වන බවයි.
මේ අතර කිරිපිටි, භූමිතෙල්, ආහාර පිසිමේ ගෑස් ඇතුළු ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඒවා මිළදී ගැනීම සඳහා වෙලඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන බව ද BBC ය වාර්තා කරයි.
අගෝස්තු මාසයේදී පමණක් 6% පමණ උද්ධමනයක් පැවති බවත් ඒ සඳහා විනිමය අනුපාතය ඉහල යාම ප්‍රධාන හේතුවක් බවත් රටේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන බව එම වාර්තාව සඳහන් කරයි.
ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ශුද්ධ ආනායනකරුවෙකු වන ශ්‍රි ලංකාවේ ප්‍රධාන විදේශ මුදල් ආදායමක් වන සංචාරක කර්මාන්තය බිඳවැටී ඇති අතර රට තුල කොරෝනා මරණ සීඝ්රයෙන් ඉහළ යාම ඊට ප්‍රධාන හේතුවක් බව BBC ය කියා සිටියි.
විදේශ මුදල් පිටතට ගලා යාම වැලැක්වීම සඳහා රජය විසින් පසුගිය වසරේ මාර්තු සිට වාහන ඇතුළු දැඩි ආනයන සීමා පනවා ඇත.
දකුණු ආසියානු කලාපය තුල සිය විනිමය අනුපාතය හා භාන්ඩ මිල පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක් දරන පලමු රට ශ්‍රි ලංකාව බවත් එම පුවතේ අවසානයට BBC ය සඳහන් කර තිබේ.
(උපුටා ගැනීම් - Thilan Jayasekara ගේ FB පිටුවෙන්..)
සබැඳි පුවත් :
THE LEADER TV
වැඩිහිටි ජනතාව කොරෝනා අනතුරට හෙළිම ගැන දත්ත හෙළිවේ
අතීසාරෙට අමුඩ ගහනවා වගේ ආණ්ඩු කරන හැටි ...!