තවත් කොරෝනා මරණ 204 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,604 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 109 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 95 දෙනා කාන්තාවන් ය.
 
වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් 5 දෙනෙක් සිටිති.
 
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 50 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 149 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
 
අද (02) වාර්තා කරන ලද මෙම මරණ 204 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
 
 
 
තරුණ තරුණියන්ට එන්නත්කරණය ඇරඹේ
 
 
 
වයස අවුරුදු 20 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට  දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
 
කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සඳහා එන්නත් ලබා දීමේදී මෙම වයස් කාණ්ඩයේ පිරිස් සඳහා එන්නත් ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇතැයිද මෙයට අමතරව ඇඟලුම් කර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හි එම වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ද යම් ප්‍රමාණයක් එන්නත්කරණයට ලක් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
වයස අවුරුදු 20 -30 අතර  තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින අතර කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ  නිලධාරීන්ට උපදෙස් දී ඇත.
 
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ සෞඛ්‍ය  අමාත්‍යාංශයේදී අද (02) පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. එම සංගමයේ සභාපති  පූජ්‍ය  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් මේ සඳහා එක් වූහ .
 
එළඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයිද ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 20 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.
 
ඒ අනුව "ලැබෙන එන්නත හොඳම එන්නත" ලෙසින් හිමිවන කුමන හෝ එන්නතක් කඩිනමින් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී. 
 
 
 
 
Image 1
 
හම්බන්තොටට ෆයිසර් එන්නත දෙන්නේ ඇයි ?
 
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ලබාදීම වසංගත රෝග විද්‍යා ඒකකයේ වගකීමක් බවයි.
 
අද (02) පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය පවසන්නේ, අදාළ ඒකකය මගින් රෝහල්වලට ලබාදිය යුතු ප්‍රමාණවලින් එන්නත් මාත්‍රා ලබා දීම සිදු නොවන බව මේ වනවිට ඇති ප්‍රධානතම ගැටලුව බවයි.
 
”මේකෙන් වෙන්නේ උපරිම ධාරිතාවකින් එන්නත්කරණය ඉතාමත් යුහුසුළුව කරගෙන යන සෞඛ්‍ය සේවය නිරපරාදේ හෑල්ලුවට ලක්වීම විතරයි. මේ හමුදාව මගින් එන්නත්කරණය සිදුකරන ස්ථානවලට ඇති ප්‍රමාණයට දිගින් දිගටම එන්නත් මාත්‍රා හරි ආකාරව ලැබීම සිද්ධ කරනවා. ඕන තරම් එන්නත් මාත්‍රා ඒ තැන්වල තියෙනවා”
අත්තනෝමතික ලෙස එන්නත්කරණය සෞඛ්‍ය අංශයෙන් කප්පාදු කර ක්‍රියාවලිය අඩාල කර,සෞඛ්‍ය අංශ මිනිසුන්ගෙන් බැණුම් අහන තත්ත්වයකට හිතාමතා තල්ලු කිරීමක් කර ඇතැයි, ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී.
 
 
මේ අතර නොගැළපෙන වයස් කාණ්ඩවලට විවිධ ස්ථානවලදී ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කරලා ඇතැයි, පැවසූ වෛද්‍ය හංසමාල් වීරසූරිය ප්‍රශ්න කර සිටින්නේ, අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සිටින ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ෆයිසර් එන්නත ලබාදීම තීරණ තාක්ෂණික කාරණයක් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටී.
 
 
”උදාහරණයක් විදිහට අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සිටින ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේදී ෆයිසර් එන්නත ලබාදීම සිදු කරන්න කියලා ඒ පණිවිඩය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක කොහොමද තාක්ෂණික කාරණයක් වුණේ. එතකොට ඒගොල්ලොන්ට ඇයි ෆයිසර් එන්නත ම ලබා දෙන්නට ඕනේ ? ෆයිසර් එන්නත ලබා දෙනවා නං ඇයි හම්බන්තොට දිස්ත්‍රික්කයට ම ලබා දෙන්නේ”
 
එම සංගමය අවධාරණය කර සිටින්නේ මෙවැනි කාරණා සඳහා ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීම සෞඛ්‍ය බලධාරීන් රටට හෙළි කළ යුතුව ඇති බවයි.
 
 
THE LEADER TV 
 
 

සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද? 

 

වැඩිහිටි ජනතාව කොරෝනා අනතුරට හෙළිම ගැන දත්ත හෙළිවේ
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්