නවසීලන්ත අගමැතිනිය පැවසුවේ ප්‍රහාරකයා ශ්‍රී ලාංකිකයෙකු බවය.

 
ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලකදී පුද්ගලයන් හය දෙනෙකුටවත් පිහි ඇනුම් සිදු කළ "ප්‍රචණ්ඩ අන්තවාදියෙකු" නවසීලන්ත පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබ ඇත.
 
එරට අගමැතිවරිය ජසින්ඩා ආර්ඩන් විසින් එය හඳුන්වනු ලැබුවේ "ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙසය.
 
නවසීලන්ත පොලිසියේ නිරීක්ෂණය යටතේ පසු වූ ශ්‍රී ලාංකිකයෙකු විසින් ප්‍රහාරය සිදු කරනු ලැබ ඇති බවත් අගමැතිවරිය පැවසීය.
 
අදාළ පුද්ගලයා ඉස්ලාමීය රාජ්‍ සංවිධානයේ (IS) නිසා ඊට පෙළඹී ඇතැයි පැවසේ.
 
 
 
 
NZ PM Jacinda Ardern: "This was a violent attack. It was senseless"
 
 
ප්‍රහාරය සිදුව තත්පර 60 තුළ පොලිසිය ඔහුව මරා දමනු ලැබූ බව අගමැතිවරිය සඳහන් කළාය.
 
"අද සිදු වූ දේ නින්දිත ක්‍රියාවක්. එය වෛරී සහගත ක්‍රියාවක්, එය වැරද්දක්," යනුවෙන් ඇය සිකුරාදා (සැප්තැම්බර් 03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.
 
"එය සිදු කළේ ඇදහිල්ලක් නිසා නොව එක් පුද්ගලයෙකු විසින්"
 
විමර්ශන හේතුවෙන් ප්‍රහාරකයාගේ අනන්‍යතාව හෙළි කළ නොහැකි බව කී අගමැතිවරිය ඔහු 2011 ඔක්තෝම්බර් මස නවසීලන්තයට පැමිණ ඇති බව තහවුරු කළාය.
 
එරට ජාතික ආරක්ෂාවට අදාළව ඔහු පොලිසියේ නිරීක්ෂණය යටතේ 2016 වසරේ සිට පසුව ඇති බවත් ඇය පැවසීය.
 
 120375875 gettyimages 458871496
'LynnMall' වෙළඳ සංකීර්ණය
 
 
ප්‍රහාරකයාගේ මතවාදය හේතුවෙන් ඔහු නිරන්තර නිරීක්ෂණයටත් දැඩි ආවේක්ෂණයකටත් ලක්ව තිබිණි.
 
කෙසේ වුවත්, පුද්ගලයන් හය දෙනෙකුට තුවාල සිදු කිරීමට පෙර ඔහුට එරෙහිව පියවර ගැනීමට අසමත් වූයේ ඇයිදැයි යන්න ඇතැමුන් ප්‍රශ්න කරති.
 
"යථාර්ථය නම්, ඔබ යමෙකු දවසේ පැය 24 පුරා සතියේ දවස් 7 ම නිරීක්ෂණය කරන විට, සෑම විටම වහා ඔවුන් අසල සිටීම කළ නොහැක්කක්. කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් මැදිහත් වුණා, බියජනක තත්ත්වයක් තුළදී තවදුරටත් තුවාල සිදුවීම වැළකුනා" යනුවෙන් පොලිස් කොමසාරිස් ඇන්ඩී‍්‍රව් කෝස්ටර් පැවසීය.
 
මීට පෙර එක් සාක්‍ෂිකරුවෙක්, එරට ප්‍රවෘත්ති ආයතනයක් වන 'Stuff NZ' වෙත පවසා තිබුණේ එහි උමතු සහගත තත්ත්වයක් පැවති බවය.
 
"(මිනිසුන්) වියරු වැටෙමින්, උමතු ලෙස, කෑගසමින්, බෙරිහන් දෙමින්, බියෙන් පසු වුණා" යනුවෙන් කී ඔහු වයස්ගත පුද්ගලයෙකු තුවාල සහිතව බිම වැටී සිටිනු දුටු බවය.
 
නිව් ලින් ප්‍රදේශයේ, 'LynnMall' වෙළඳ සංකීර්ණයේ සිටි සාප්පු හිමියන් එළියට පැන දුවන ආකාරය අන්තර්ජාලයේ සංසරණය වූ වීඩියෝපටවල දැක්විණි.
 
ප්‍රාදේශීය වාර්තා පවසන්නේ රෝහල් ගත කර ඇති රෝගීන් හය දෙනාගෙන් තිදෙනෙකු ඉතාමත් බරපතල තත්ත්වයේ පසුවන බවය.
 
සෙසු පුද්ගලයන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් දෙදෙනෙකු මධ්‍යස්ථ තත්ත්වයේ පසුවන බවත් එම වාර්තාවල දැක්වේ.
 
2019 මාර්තු 15 වෙනිදා ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි දෙකකදී සුදු අධිපතිවාදී තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් 51 දෙනෙකු වෙඩි තබා මරා දමනු ලැබීමෙන් පසු නවසීලන්තය එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සීරුවෙන් පසුවිය.
 
මැයි මසදී නවසීලන්තයේ දකුණු දූපතේ ඩුනෙඩින්හි සුපිරි වෙළඳසැලකදී සිව් දෙනෙකු පිහිඇනුමකට ලක් විය.
 
 
 
(BBC සිංහල සේවය)
 

THE LEADER TV 
 
සුදානමින් ඉන්න! මෛත්‍රී අණතුරු අඟවයි! 
 
 
සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්