පහන්තුඩාව ඇල්ල අසල රති වීඩියෝවක් පටිගත කර අන්තර්ජාලය වෙත මුදා හල යුවල සම්බන්ධයෙන් වහාම පියවර ගන්නැයි පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය
සම්බන්ධයෙන් 'බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය' විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කර තිබෙනවා.
ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අකැප බවත් පෙන්වා දෙනවා.
ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බවයි 'බුදු දහම සුරැකීමේ' සංවිධානය පෙන්වාදෙන්නෙ.
තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවද එහි සඳහන් වෙනවා.
මේ නිසා තමන් විසින් පහන්තුඩාවේ වීඩියෝව නැරඹූ බව වක්‍රාකාරයෙන් පිලිගැනීමක් වන මෙම ලිපිය යොමු කළ පස්සර දයාවංශ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන මෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මංජු ශ්‍රී ආරියවංශ මහතා මහනායක හිමිවරුන් ගෙන් ගෞරවපුර්වක ඉල්ලීමක් කර තිබෙනවා.
එම ලිපිය පහතින්.

අදාළ වීඩියෝව "විදේශ රටවල ද ජනප්‍රිය වීමෙන් රටේ සංස්කෘතියට සහ සදාචාරයට මරු පහරක් එල්ල වන" බව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති ධුරන්දර ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබුනේ අගෝස්තු 31 වෙනිදාය.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් 'අසභ්‍ය' වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන තිබු තරුණයා සහ තරුණිය අද (03) දින ඇප මත මුදාහැර තිබිණ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එළැඹෙන 16 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඔවුන්ට දැනුම් දී ඇති බවයි.
නාලන්දා ගෙඩිගේ බෞද්ධ පන්සලේ "ත්‍රීසම්" එකක්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
''8වෙනි හා 10වෙනි සියවස අතර හැදුව කියල විශ්වාස කරන මාතලේ පැත්තෙ තියෙන නාලන්දා ගෙඩිගේ බෞද්ධ පන්සලේ "ත්‍රීසම්" එකක්.
නිකන්ම නිකන් එකක් නෙමෙයි, ඩොගී ස්ටයිල් ත්‍රීසම් එකක් වගේ.
චී! මෙතනට සංඝයා වහන්සේලා වඩිනව, වැඩිහිටියො, දරුවො ඔක්කොම එනව. වහල දානව ඕක, ලැජ්ජාවෙ බැහැ.
වැඩක් ඇත්තෙම නැත්තං ඊට පස්සෙ යනව පහන්තුඩාවෙ ධාතු හොයන්න.''

(උපුටා ගැනීම් - facultyofsex.com )
සබැඳි පුවත් :
THE LEADER TV
සුදානමින් ඉන්න! මෛත්‍රී අණතුරු අඟවයි!
සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද?