පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සදහා
වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ සිසුන් කඩිනමින් සේවයට බදවා ගන්නා ලෙසට සිදුකරන ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට බාධා මතුව ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඉල්ලා සිටින්නේ සීමාවාසික පත්වීම් හරහා මෙම සිසුන් සේවයට බදවා ගන්නේ නම් එය සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බවයි.
ඒ හරහා දහසකට අධික සීමාවාසික වෛද්‍යවරුන් පිරිසක් සේවයට එක්කර ගත හැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසිය.
මේ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ විභාගය මේ දක්වා පවත්වා නොමැතිවීම හේතුවෙන් මෙලෙස සීමාවාසික පත්වීම් නිකුත් කළ නොහැකි බවයි.
සියළු සිසුන් එකවර සීමාවාසික පත්වීම් ලැයිස්තුවට ඇතුළත් කරන බැවින් එම විභාගය පවත්වා ප්‍රතිඵල පැමිණි පසු එය සිදුකළ හැකි බව එහිදී ප්‍රකාශ විය.
එම විභාගය පවත්වා ප්‍රතිඵල ලැබීමට ඔක්තෝම්බර් මාසය දක්වා කල්යනු ඇති බව වාර්තාවේ.
වෙනම ලැයිස්තුවකින් එම සිසුන්ට සීමාවාසික පත්වීම් ලබාදුන්නද එහිදීද ඉදිරියේදී ගැටළු මතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර සොයා බැලීමකදී පෙනී ගියේ දැනට සකස් කර ඇති සීමාවාසික පත්වීම් ලබාදී පසුව සෙසු පිරිසට පත්වීම් ලබාදීමේ හැකියාවක් ඇති බවයි.
දෙවන කණ්ඩායමට එමඟින් අවාසියක් නොවීමට පළමු කණ්ඩායමේ සීමාවාසික පත්වීම් කාලය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට ද හැකියාවක් පවති.
මේ වන විට සීමාවාසික පත්වීම් ලබා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් වෙනත් කාර්යයන් සඳහා අනුයුක්ත කිරීමට නම් මෙම කණ්ඩායම සීමාවාසික පත්වීම් මත සේවයට පැමිණිය යුතුයි.
මේ වන විට සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් සිටින දහසකට වැඩි පිරිසට කඩිනමින් පත්වීම් ලබාදීම වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්රය මේ මොහොතේ පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයට යම් සහනයක් වනු ඇත. එමෙන්ම රෝගී ජීවිත බේරා ගැනීමටද එය ඉවහල්වනු නොඅනුමානය.
එසේම, විදෙස් හි වෛද්‍ය උපාධි ලබාගත් සිසු සිසුවියන් රැසක් ද මේවනවිට ශ්‍රී ලංකාව තුළ සිටියි. ඔවුන්ගේ
වෛද්‍ය උපාධිය ලියාපදිංචි කිරිම සදහා පවත්වනු ලබන E.R.P.M විභාගය දින නියමයක් නොමැතිව දිනෙන් දින කල් දමමින් තිබීම නිසා ඔවුන් ද පසුගිය කාලයේ බලවත් සේ අසරණව සිටියේය.
(මුලාශ්‍රය - නෙත් නිව්ස්)
THE LEADER TV
සුදානමින් ඉන්න! මෛත්‍රී අණතුරු අඟවයි!
සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද?