මෙරටට සීනි ආනයනය කිරීමේ බදු මුදල කිලෝවක් සඳහා රුපියල් 50/- සිට ශත 25 දක්වා කපා හැරීමේ රජයට ලැබිය යුතු රුපියල් මිලියන 29,054 (රුපියල් කෝටි 2,905) ක අති විශාල බදු ආදායමක් අහිමි කර ගත්
ආකාරය ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත විසින් අනාවරණය කර තිබේ.
 
එම පුවත්පතේ ඊයේ (03) පළ කර තිබෙන ප්‍රධාන ප්‍රවෘතියෙන් මෙයට අදාළ දත්ත හෙළිකර තිබේ.
 
2020 ඔක්තෝබර් 14 වෙනි දින සිට මෙම වසරේ ජූනි 30 කාලය තුළ ශත 25ක බදු අය කිරීම යටතේ සීනි මෙට්‍රික් ටොන් 584,000ක් ආනයනය කර තිබෙන බව එම පුවත් වාර්තාවෙන් අනාවරණය වේ.
 
2020 ඔක්තෝබර් 14දින වන විට මෙරට ගබඩා තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,878ක් බවත්, ඒ අනුව මාස 17කට අවශ්‍ය තරම් අති විශාල සීනි තොගයක් ශත 25ක බදු මුදල යටතේ ගෙන්වා ඇති බවත් 'දිනමිණ' දත්ත සමඟින් හෙළිකර තිබේ.
 
සීනි මෙට්‍රික් ටොන් 584,000ක් යනු කිලෝ ග්‍රෑම් 584,000,000 කි. මේ අනුව කිලෝ ග්‍රෑම් එකකින් අහිමි වූ රුපියල් 49.57ක බදු මුදල ගණනය කිරීමෙන් ( 584,000,000 X 49.75) රුපියල් මිලියන 29,054ක් වූ බදු ආදායමක් අහිමි කර ගෙන ඇත. 
 
මෙම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට කිසිසේත් ලබා නොදී මුලුමනින්ම ආණ්ඩු හිතවාදී ජාවාරම්කරුවන් අතට ගලා යාමට සලස්වනු ලැබීය. 
 
 
මුදල් අමාත්‍යංශයේ වාර්තාව :කෝටි 15900ක පාඩුවක් !
 
 
කෙසේවුවද මුදල් අමාත්‍යංශය 2021 මාර්තු 08 දා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කර සිටියේ, සීනි බදුවංචාව නිසා රජයට රුපියල් බිලිනය 15.9ක බදු ආදායම් අහිමි වීඇති බවයි.
 
එම අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන්වූ සීමිත පිරිසකට ලැබී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
 
 
(මුලාශ්‍රය -lankatruth.com)
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
 
සුදානමින් ඉන්න! මෛත්‍රී අණතුරු අඟවයි! 
 
 
 
සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්