1200 x 80 DMirror
 
 

කොරෝනා වසංගතය සහ ආර්ථිකය පිළිබඳ වැරදි  හා දුර්වල කළමනාකාරණයට සමග රට දැන් අර්බුදය ත්‍රිත්වයකට
මුහුණ දෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
 
ඔහු එබව කියා සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දීය.
 
 මෙරට දැන් 1977ට ප්‍රථම පැවති භාණ්ඩ හිඟ හා පෝලිම් යුගය කරා තල්ලු කර  තිබෙන අතර සුපිරි වෙළෙඳ සැල්වල කුණු බක්කි වලින් ආහාර එකතු කරන ඛේදජනක තත්වය ට ජනතාව පත්ව ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේය.
 
මෙහිදී තව දුරටත් කතා කළ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා,  රජය සිය නොහැකියාව හේතුවෙන් රටේ ත්‍රිත්ව අර්බුදයක් ඇතිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අද දුප්පත්කමේ පතුලටම කිඳා බැස ඇතැයි ද එහෙත් රජයේ ගජ මිතුරන්ට නම් රජ සැප ලබාදෙන ක්‍රමයක් රජය හඳුන්වා දී ඇතැයි කීය
 
''බොරුව හා මිත්‍යාව මතින් ආර්ථිකය කළමනාකරණය කරන්නට බැහැ, කෝවිඩ් එන්නත වෙලාවට ඇනවුම් කර තිබුණේ නම් අඩු මිලට සියලු ජනතාවට එන්නත්කරණය කර අද රට පත්වෙලා තිබෙන වැඩිම පිරිසක් දෛනිකව  මිය යන තත්ත්වයෙන් රට බේරා ගැනීමට අවස්ථාවක් තිබුනා'' යයි පැවසු මන්ත්‍රීවරයා, එමෙන්ම කෝරෝනාව නිසා වැඩිම කාලයක් පාසැල් වසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණයි '' යැයිද සඳහන් කළේය
 
මේ රජය ජනතාවගේ සුඛවිහරණය සඳහා කළ දෙයක් නැතැයි කී මන්ත්‍රීවරයා, එහෙත් රජය තම ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ලාභ පිට ලාභ ගැනීමට අවස්ථාව දෙමින් හදිසි නීතිය ද ඒ සඳහා භාවිතයට ගෙන ඇතැයි කීය
 
''යහපාලන රජය සමයේ රුපියල් තිස් පහක් ව පැවති සීනි කිලෝවක් මත වූ බද්ද දේශීය නිෂ්පාදනය වැඩි කරනවා යැයි කියමින් රුපියල් 50 දක්වා වැඩි කළා. රජය ප්‍රකාශ කළ නිෂ්පාදන ආර්ථිකය හා දේශීය කෘෂි ආර්ථිකය ව්‍යාජ බව ඔප්පු කරමින් සීනි සඳහා වූ බද්ද හිටිහැටියේම සත 25 දක්වා අඩු කළා. ඒ හරහා තම ගජමිතුරු සීනි ආනයන කරුවන්ට අවස්ථාව සලසා දීමෙන් අද වෙන තෙක් රජයට රුපියල් කෝටි 3500 බදු ආදායම් අහිමි කර තිබෙන අතර දූෂිතයන්ට එයින් වාසි අත්වන බව පැහැදිලියි.'' මන්ත්‍රීවරයා කියා සිටියේය. 
 
සත 25 දක්වා සීනි බද්ද අඩු කිරීමෙන් පසු වසරකට අවශ්‍ය ප්‍රමාණයක් සීනි ආනයනය කළේ රුපියල් අසූ පහක  පාලන මිලට අලවි කිරීම සඳහාය. එහෙත් මේ රජය හදිසි නීතිය හුවා දක්වමින් රුපියල් අසූ 85/ පාලන මිල රු  122 දක්වා වැඩි කර පාරිභෝගිකයාව රැවටීමට ලක් කර තිබේ.
 
 
 
වැරදි විදේශ ප්‍රතිපත්තියක්....
 
කොරෝනාව සහ ආර්ථික අර්බුද මදිවට රජය දැන් වැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් රටේ ත්‍රිත්ව අර්බුද පැන නැගී ඇති අතර ඒ මගින් ඉදිරියේදී රටේ අපනයන ආර්ථිකයට ද බලවත් හානි සිදු වීමට ඉඩ ඇතැයි ද ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.
 
  
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වර්තමාන රජය බලයට පත් වූ දා සිට සිදුවූ  මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මෙම වසරේ මාර්තු මස සම්මත කරන ලද යෝජනාව, මේ මස පැවැත්වෙන ජිනීවා සැසිවාරයේදී නැවතත් සාකච්ඡාවට භාජනයට ලක් කෙරේ.
  
 තිස් වසරක යුද සමයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා යහපාලන රජය විසින් ඇති කරන ලද දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ලැබිණි.
 
දැන් මේ රජය බලයට පත්වූ දා සිට මානව හිමිකම් කඩකිරීම් බහුලව තිබෙන බවට ජීනිවා මානව හිමිකම් කොමිසම විසින් පසුගිය මාර්තු මස සම්මත කළ යෝජනාවට අමතරව යුරෝපා පාර්ලිමේන්තුව විසින්ද ඒ හා සමාන යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
 
ජාත්‍යන්තරයේ ඉල්ලීම පරිදි හා විශ්වාසය පරිදි මානව හිමිකම් ගරු කිරීමට මේ රජය පියවර නොගන්නේ නම්  අපේ රටේ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන පරිදි ලබා දී ඇති සහන ලබා දීම ඔවුන් නතර කිරීමට ඉඩ ඇත. 
 
එවන් කටයුත්තක් සිද්ධ වුවහොත් දැනට ශ්‍රී ලංකාවට වාසිදායක වන යුරෝපා අපනයන ආදායම ශේෂය හිණ වී  යුරෝපා රටවලට අපනයනය කරන ඇඟලුම් සඳහා බාධක පැමිණවිය හැකිය.
 
  GSP
 
යුරෝපා හවුලෙන් ලැබෙන ජීඑස්පී සහනය මත ශ්‍රී ලංකාවේ අපනයනයෙ  52% ක්ම යුරෝපයට අපනයනය කරන ඇගලූම් වේ. එමඟින් 2020 වන විට වාර්ෂික ආදායම යුරෝ බිලියන දෙක ඉක්මවා ගියේය
 
 එහෙයින් මානව හිමිකම් කඩ කිරීම් නිවැරදි කිරීමට රජය නිසි පියවර නොගන්නේ නම් ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය අහිමිවීමෙන් අපනයන ආදායම් අහිමි වීමට අමතරව නිදහස් වෙළඳ කලාප සහ අනෙකුත් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා වල නිරත දහස් ගණන් තරුණ තරුණියන්ට රැකියා අහිමි වීමේ අවදානමක් ද තිබේ.
 
2010 රාජපක්ෂ රජයේ සමයේදී ද ජීඑස්පී සහනය අහිමි වූ අතර යහපාලන රජය මානව හිමිකම් කඩකිරීමේ වැරදි නිවරදි කිරීම හේතුවෙන් දුෂ්කරතා බොහොමයක් මධ්‍යයේ යළිත් වරක් මේ සහනය ලබා ගැනීමට යහපාලන රජයට හැකි විණැයි ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේය.
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට මේ රජය නිසි ලෙස ප්‍රතිචාර නොදක්වනවා යැයි චෝදනා කළ මන්ත්‍රීවරයා, මේ රජය නිශ්ශබ්දව සිට ජිනීවා මානව හිමිකම් සැසිවාරය ළංවෙත්ම සංකේතාත්මක පියවර ගැනීම අතහැර දමා යථාර්තවාදීව අර්ථවත් පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
 
 
 
''අතුරුදන් වූවන්ගේ කාර්යාලය කිලිනොච්චියේ දැමීම ප්‍රශංසනීයයි''
 
ප්‍රමාද වී හෝ අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් කිලිනොච්චියේ විවෘත කිරීම පැසසුමට ලක්කළ වික්‍රමරත්න,  තම අභිමතාර්ථයන් හා ඉලක්කයන් අරමුණු කරගනිමින් අන් අයගේ ජීවිතය නැති කරන ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියා යැයි පිහිටා කටයුතු කළ යුතු අතර එහිදී සිංහල ‍ද්‍රවිඩ හෝ මුස්ලිම් ත්‍රස්තවාදියා යයි වෙනසක් හෝ විශේෂත්වයක් පෙන්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කළේය.
 
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදියෙකු නවසීලන්තයේ සාමාන්‍ය වැසියන් හට පිහියෙන් ඇණ මරා දැමීමට තැත් කළ අවස්ථාවෙන් පසු නවසීලන්ත අග්‍රාමාත්‍ය වරිය කළ කතාව ශ්‍රී ලංකාවට ආදර්ශයක් යැයි හෙතෙම පෙන්වා දුන්නේ ය
 
මෙම ප්‍රහාරය ‍ අදාල පුද්ගලයාගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් යයි විස්තර කළ නසීලන්ත අග්‍රාමාත්‍යවරිය එයට  ඔහුගේ ආගම හෝ ජාතිය වග කිව යුතු නැතැයි ප්‍රකාශ කර තිබුණි.
 

 "එය සිදු කළේ ඇදහිල්ලක් නිසා නොව එක් පුද්ගලයෙකු විසින්" -නවසීලන්ත අගමැතිනි
 
 
''මියගිය අය සිහිපත් කිරීමට එක් පාර්ශ්වයක් පමණක් වීරයන් ලෙස සලකා එක් ජාතියකට පමණක් ඉඩ හැරිය නොහැක. යුද්ධය අවසන් වී වසර 12 ක පමණ කාලයක් ගත වුවද නැති වූවන් සිහිපත් කිරීම සම්බන්ධයෙන් මේ රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් නැත. 
 
එමෙන්ම ලිංගික දූෂණය හා කාන්තා හිංසනයන් ට එරෙහිව කටයුතු කළ යුතු අතර එ මගින් හානියට පත්වූ අයට සාධාරණ වන්දියක් ලබාදීමටද රජය කටයුතු කළ යුතුයි.
 
 ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාව හැට දහසක් ඉක්මවනු  ඇතැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කරන අතර එයින් පන්දහසක් පමණ ආරක්ෂක අංශවල අය වේ.
 
ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් සම්මුතීන් උල්ලංඝනය කිරීම සහ විපතට පත්වූවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගන්නේ නම් ශ්‍රී ලංකා රජයට සහන ලබා දිය යුත්තේ ඇයි දැයි යුරෝපා පාර්ලිමේන්තුව පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරන ලද යෝජනා අවස්ථාවේදී ප්‍රකාශ විය.
 
ජීඑස්පී සහනය යටතේ මත්ස්‍ය සහ ඇඟලුම් අපනයනය ට අමතරව සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් හට ද තම නිෂ්පාදන  අපනයනය කිරීමට අවස්ථාව තිබෙන බැවින් අනාගත සමගි ජන බලවේගය රජයකින් ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට මුල්තැන දීමට තීරණය කර ඇතැයි ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් පැවසීය.
 

 

 

 

 


 

THE LEADER TV 
 
 
 
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2
 
 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58