මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ පෙරළිකාර සංගීතඥයකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇත.
අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 69 වැනි වියේ පසුවිණි.
කෝවිඞ් 19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක සති තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරේරා ඉන් සුවය ලබා නිවසට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි.
අනතුරුව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවූ ඔහු සිය දරු මුණුපුරන් සමඟ නිවසේ කාලය ගත කළේය.
එම අවස්ථාවේදී ඔහු රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුතිකරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ද මුදාහැර තිබිණ.
කෙසේ වෙතත් පසුව නැවතත් පෙණහලුවල මතු වූ යම්කිසි අසාත්මිකතාවක් හේතුවෙන් සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කර තිබිණ.
එම අසනීප තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු මෙම ප්‍රවීණ ගායකයා අද අලුයම් කාලයේ අභාවප්‍රාප්ත වී ඇත.
1952 වසරේදී උපත ලැබූ සුනිල් පෙරේරා ගේ පවුලේ සහෝදර සහෝදරියන් 10 දෙනෙකුගෙන් සමන්විත විය.
ඔහුගේ පියා විසින් ආරම්භ කළ සංගීත කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙමින් ඔහු සංගීත ක්ෂේත්රයට අවතීර්ණ වී තිබුණි.
ජිප්සීස් සංගීත කණ්ඩායම මෙරට පමණක් නොව විදෙස් රටවලද ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය කිරීමට ඔහුට හැකියාව ලැබුණි.
කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ පෙරගමන්කරුවෙක් බවට ජිප්සීස් කණ්ඩායම පත්කිරීමට ඔහු දැඩි කැපවීමෙන් කටයුතු කළේය.
තමාටම ආවේණික වූ ශෛලයකින් කටහඬ මෙහෙයවමින් ජනහද දිනාගත් සුනිල් පෙරේරා මෙරට බයිලා සංගීතය ප්‍රචලිත කිරීමටද ප්රමුඛ කාර්යභාරයක් සිදුකළේය.
තමා විසින් සහ ජිප්සීස් සංගීත කණ්ඩායම ගායනා කළ බොහෝ ගීත රචනා කිරීමට ඔහු දායකත්වය ලබා දී තිබුණි.
සමාජයේ සිදුවන විවිධ අකටයුතුකම් සහ වැරදි සිය ගීතයෙන් විවේචනය ට ලක්කළ ඔහු ජනතාවට සිතීමට ඇතිදේ ගැන මතක්කර දුන්නේය.
"සයිමා කට්වෙලා", "අංකල් ජොන්සන්", "අම්මා අම්මා මේ මට" වැනි ජනප්‍රිය ගීත රාශියක් සඳහා දායකත්වය සුනිල් පෙරේරා මහතා ගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්රය ට විශාල පාඩුවක් වනු නොඅනුමානයි.
ප්‍රිය සංගීතඥයාණෙනි ඔබට මොක් සුව..!!!
THE LEADER TV
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!