හදිසි අවස්ථා යටතේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයාට, සියලුම
දිසාපතිවරුන් ට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ආහාර කොමසාරිස්වරයා වෙත ලිඛිත නියෝගයක් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් වී, සහල්, සිනී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදාහැරිම අඩපන කිරීම, අධික මිළ ගණන් අයකිරීම හා මහජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳ අක්‍රමිකතා ඇති කිරීම ආදී කටයුතු වැලැක්වීම සඳහා සහ පාරිභෝගික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට නියෝග නිකුත්කර ඇත.
එබැවින්, රජයේ සහතික මිලට හෝ රේගුවෙන් ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන එසේ නිත්‍යානුකුල නොවන ලෙස රැස්කරගෙන ඇති වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබාදීමට කටයුතු කරන ලෙසත්, එසේ එක් එක් දිස්ත්‍රීක්කයේ අවශ්‍ය මැදිහත්වීම් සිදුකර තමා වෙත වාර්තා කරන ලෙසත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල එකී දැනුම්දීම මගින් නියෝගකර ඇත.
කෙසේවුවද රජය මිට දින කිහිපයකට පෙර ප්‍රකාශකර තිබුනේ ගබඩාවල සඟවා තිබී සොයා ගනු ලැබූ සහල් හා සීනි තොග රාජසන්තක කරන බවකි.
රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන සහල් නිෂ්පාදකයන්ගේ වී හා සහල් තොග රාජසන්තක කළ හැකිවන ආකාරයට නව නීතියක් සම්පාදනයට රජයේ ජීවන වියදම් කමිටුව ද මිට ඉහත දී තීන්දු කර තිබිණ.
කෙසේවුවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගයේ සඳහන් වන්නේ, නිත්‍යානුකුල නොවන ලෙස රැස්කරගෙන ඇති වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබාදීමට කටයුතු කරන ලෙසයි.
ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටින අවස්ථාවක ආහාර තොග සැඟවීම බරපතළ වරදක් බවත් එසේ ආහාර සඟවන්නන්ට තමාගෙන් කිසිම සමාවක් නොලැබෙන බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල පසුගියදා මාධ්‍ය වෙත කියා සිටියේය.
අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නන්ගේ දේපල තහනම් !
සහල්, වී සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉකුත් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසිද පනවනු ලැබීය.
අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ට දඩ නියම කිරීමට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමට ද නියෝග දැක්වෙන වගන්ති එම විශේෂ ගැසට් නිවේදනයට ඇතුලත් කරනු ලැබ ඇත.
මේ අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව වැරදිකරුවන් වන එවැනි පුද්ගලයන්ගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක සන්තක කිරීමට සියලු බලතල හිමිවනු ඇත.
'තොග වෙළෙඳාම ට රජය මැදිහත් විය යුතුයි' -වාසුදේව
මේ අතර ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ, කූඨ වෙළඳුන්ගේ ග්රහනයෙන් ජනතාව මුදා ගැනීම සඳහා තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතු බවයි.
සමහර වෙළෙඳුන් හිතුමතයේ භාණ්ඩ මිල ඉහල දමමින් කටයුතු කරන අතර රට වසා දැමීමෙන් පසුව මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇතැයි අමාත්‍යවරයා කීය.
තොග වෙළෙඳාම නිසි ලෙස පාලනයකට ගතහොත් වෙළෙඳපොල යාන්ත්‍රණය යම් ආකාරයකට පාරිභෝගිකයාට පහසුවන ලෙසට මෙහෙයවීම ද සිදුකළ හැකිවේ යැයි විශ්වාස කරන බවද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කීය.
THE LEADER TV
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!