මීළඟ යුද හමුදාපතිධූරය සඳහා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නම ජනාධිපතිවරයා අනුමත කර ඇති බවත්

ඒ අනුව අගෝස්තු 18 දින නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ බාරගනු ලබන බවත් 'අනිද්දා' සති අන්ත පුවත්පත වාර්තා කර තිබේ.

වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක අගෝස්තු 18 වැනිදා යුද හමුදාපතිධූරයෙන් විශ්‍රාම යා යුතුය. ඔහුට ජනාධිපතිවරයා ලබා දුන් අවසන් සේවා දිගුව අගෝස්තු 18 වැනිදා අවසන් වන අතර ඒ අනුව අද (16) ඔහුගේ අවසන් රාජකාරි දිනය වීමට බොහෝදුරට ඉඩ තිබේ.

යුද හමුදාපති මහේෂ් සේනානායක තවත් සේවා දිගුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී නැතැයි 'අනිද්දා' පුවත් වාර්තාවේ සඳහන්ව ඇතත් යුධ හමුදාපති මහේෂ් සේනානායක පවසන්නේ තමා මෙවර සේවා දිගුවක් ඉල්ලා නොසිටිබවයි.

ගජබා සුපර්ක්‍රොස් තරඟාවලිය කල් දමයි :

මේ හමුදාපති පුටු මාරුව නිසා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිපතිත්වය දරණ ගජබා රෙජිමේන්තුවේ අගෝස්තු 18 දිනට නියමිතව තිබූ ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ තරඟාවලිය කල් දමා ඇත.

එමෙන්ම වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායකගේ සහභාගීත්වයෙන් හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 29 දින පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ බලකායේ ජනාධිපති වර්ණ ප්‍රදානය අද (අගෝස්තු 16 දින) දක්වා පෙරට ගෙන තිබිණ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනට යුද හමුදාවේ දෙවැනි තනතුර වන මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කරයි. වයස අවුරුදු 55 සැපිරීම හේතුවෙන් පසුගිය ජූනි 21 දින ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටියත් ජනාධිපතිවරයා ලබා දුන් සේවා දිගුව නිසා ඔහුට දෙසැම්බර් 31 වැනිදා දක්වා යුද හමුදාවේ කටයුතු කළ හැකිය.

මීට පෙර සේවා දිගු ලැබූ මේජර් ජෙනරාල්වරුන් සිට ඇත්තේ කිහිප දෙනෙකු පමණි.

සත්‍යප්‍රියත් සටනේ !

මීලඟ හමුදාපතිධූර සීතල සටනේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාත්, මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේත් සිටියි.

සත්‍යප්‍රිය ලියනගේට සහය දෙන්නට ඔහුගේ සොහොයුරා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ධම්මික ලියනගේ සිටී. ඔහු ජනාධිපතිවරයා ලඟින්ම සිටින ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතියක ප්‍රධානියෙකි.

එහෙත් ශවේන්ද්‍ර සිල්වාද එසේ මෙසේ නැත. පසුගිය කාලයේ පොළොන්නරුවට නෑකම් කියා ප්‍රාදේශීයවාදය ඔස්සේ දැන් ජනාධිපති දියණි චතුරිකා සිරිසේන සමග සම්බන්ධතා ගොඩ නගාගෙන තිබේ.

කෙසේවුවද තවත් මාස කිහිපයකින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා මහේෂ් සේනානායකට තවත් සේවා දිගුවක් ලබාදීමේ ඉඩක් ද ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

සබැඳි පුවත්

හමුදාපති ධූරයට සීතල යුද්ධයක් - ජය ශවේන්ද්‍රටද? සත්‍යප්‍රියටද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්