1200 x 80 DMirror
 
 

හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදීමෙන් දොර විවෘත කර දීම

අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර දිසානායක අනතුරු ඇඟවීය.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කළේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය බලාත්මක කිරීමේ අනුමැතිය ජනාධිපතිට පාර්ලිමේන්තුව විසින් ලබාදීමේ බියකරු තත්වය පිළිබඳව හෙළිකරමින් ය. 
 
මේ වන විට පාරිභෝගික භාණ්ඩ හා සේවා කෙරෙහි පමණක් ක්‍රියාත්මක කෙරෙන මෙම නීතිය ඉදිරියේදී වෙනත් නීති අත්හිටුවීමට සහ විශේෂ අධිකරණ පිහිටුවීමට පවා යොදා ගත හැකි බව වැඩි දුරටත් පැහැදිලි කළේය.
 
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ 2/3ක බලය ලබාදී ඉන් පසුව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තව දුරටත් අසීමිත බලයක් ලබාදී තිබියදී හදිසි අවස්ථා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ බලය ද ලබාදීම පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයේදී මෙම මූලික කරුණු මතු කරනු ලැබීය.
 
 
   

THE LEADER TV 
 
ඩොක්ටර් නිසා ස'ගෙ නිවුන්හැල්ලත් ෆේල්!
 
 
කණපිට හරවා ඇරිල්ල 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58