ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගෝස්තු 30 වැනිදා පනවන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය

වැඩි ඡන්ද 81කින් ඊයේ (06 ) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 132ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 51කි.
 
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය  සහ  දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු  පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
 
මෙම රෙගුලාසි පිළිබඳ විවාදය ඊයේ (06) උදේ 10.30ට ආරම්භ විය. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු  20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
 
එහිදී විපක්ෂය පැවසුයේ, අත්‍යාවශ්‍ය සේවා සහ ආහාර සැපයුමට පවතින නීති ප්‍රමාණවත් වන බවයි. එබැවින් මෙය මර්දනය සඳහා යොදා ගැනීමේ අවදානමක් ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුහ.  
 
එහෙත් ආණ්ඩු පක්ෂය පැවසුයේ, ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමට පවතින නීති බාධාවක් බැවින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.
 
කෙසේවුවද ඒ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සභා ගැඹේ නොසිටීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබිණ. 
 
ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති කාර්යාලය නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.
 
 

 


THE LEADER TV 
 
ඩොක්ටර් නිසා ස'ගෙ නිවුන්හැල්ලත් ෆේල්!
 
 
කණපිට හරවා ඇරිල්ල 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්