මුදල් පනත් කෙටුම්පත (කළු සල්ලි පනත) වැඩි ඡන්ද 90කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
මේ අනුව පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 44ක් පමණි.
ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීම සඳහා මුදල් පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත මෙලෙස සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණි.
පනත් කෙටුම්පතට ඡන්දයක් අවශ්‍ය බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලීමක් කළ අතර ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
මෙයට අමතරව 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්ද ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතද, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් ඡන්ද විමසීමකින් තොරව සම්මත වූයේය.
මෙම මුදල් පනත් සහ රෙගුලාසි පිළිබඳ විවාදය අද (7) උදේ 11.00ට පමණ ආරම්භ වූ අතර පස්වරු 4:30 දක්වා එය පැවැත්විණ.
මෙම මුදල් පනත් පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
විවාදයේ ආරම්භක කතාව කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යි.
ඡන්ද විමසන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සභා ගැඹේ නොසිටීම සම්බන්ධයෙන් වහාම සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අසනීප තත්වයෙන් පසුවන බවත්, ශාන් විජයලාල් මන්ත්‍රීවරයා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිටින බවත් ආරක්ෂක නිලධාරීන් විසින් දැනුම් දී ඇත.
තවද චාමර සම්පත් දසනායක නිරෝධයනය වෙමින් සිටින බවත් එම්. රාමෙෂවරන්, උද්දික ප්‍රේමරත්න, ටිරාන් අලස්, නිමල් පියතිස්ස අසනීප තත්ත්වයෙන් සිටින බවත් ආරක්ෂක අංශ විසින් දැනුම් දී තිබේ.
මිට අමතරව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මේවනවිට විදේශගතව සිටියි.
විපක්ෂයේ පිරිසක් මග හරියි
මුදල් පනතට සංශෝධන කිහිපයක් එකතු කිරීම සඳහා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද මගහැර ගොස් තිබිණ.
මේ අනුව ඊයේ හදිසි නීතිය සම්බන්ධයෙන් විපක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අද පාර්ලිමේන්තුවේදී කළු සල්ලි සුදු කිරීමේ පනතට විරුද්ධව ඡන්දය පාවිච්චි කර නොමැත.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ එම සංශෝධනවලට පක්ෂව ඡන්ද 134ක් ලැබී ඇත්තේ, හදිසි නීතිය පැනවීම අනුමත කරමින් ඊයේ ලැබුණු ඡන්ද 132ට වඩා වැඩි ඡන්ද දෙකක් (02)ක් ද සහිතවය.
THE LEADER TV
කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට!
ස'ගෙ කඩුවට බය වූ වාසු ආපසු හැරෙයි!