නැවත මහ බැංකු අධිපති ධුරය බාර ගැනීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් ඉන්
පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යළි පත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියි.
 
ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස ජයන්ත කැටගොඩ පත් කර සිටියද බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු ඒම සඳහා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.
 
මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා රාජ්‍ය අමාත්‍ය කබ්රාල් ගෙන් ඉල්ලීමක් කර තිබු අතර එහිදී ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබු බව ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
කෙසේවුවද රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුවහොත් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ පත්කිරීමේ යෝජනාවක් ද රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් පැවසේ.
 

THE LEADER TV 
 
කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට! 
 
 
 
ස'ගෙ කඩුවට බය වූ වාසු ආපසු හැරෙයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්