රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තියා ඇති බවත්, ඒ හරහා ජාවාරම්

කාරයින්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරගැනීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු ඊයේ (07) විපක්ෂ නායක කාර්යාලයේදී එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී සම්මත වූ  මුදල් පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දක්වමිනි.
 
කිසිවෙක් බදු නොගෙවා සඟවාගෙන සිටිනවා නම් රජය කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත්, ඒ සඳහා ඕනෑ තරම් ප්‍රතිපාදන ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඒ වෙනුවට ආණ්ඩුව සිදු කරන්නට උත්සාහ කරන්නේ 1% තරම් වූ සොච්චම්  ප්‍රතිශතයකට, ජාවාරම්කාරයන්ට සහ සමහර ධන කුවේරයින්ට බදු සහන සලසා දීමට කටයුතු කිරීම යැයි ද පැවසීය.
 
ආණ්ඩුව මෙයින් උත්සාහ කරන්නේ ලුම්පන් ධනවාදයට රට තුළ ඉඩක් සලසා දෙමින් සමාජ සාධාරණත්වය උල්ලංඝනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකවරයා, අසාධාරණ ලෙස ධනය උපයා ගෙන බදු මුදල් සඟවාගෙන සිටින ජාවාරම්කාරයන්ට මේ පනත හරහා රැකවරණය සැලසෙන බවද පැවසීය.
 
ආණ්ඩුවේ මෙම ක්‍රියා පිළිවෙතට සමගි ජන බලවේගයත් විපක්ෂයත් තරයේම විරුද්ධ වන බවද ඔහු අවදාරණය කර සිටියේය. 
 
''සාධාරණව බදු ගෙවලා ජීවත් වුණොත් ඔබට තැනක් නැහැ. ඒක තමයි මේ ආණ්ඩුව රටට දෙන පණිවුඩය'' – විපක්ෂ නායක
 
 
මොකක්ද මේ කරන්නේ ?
 
 
විපක්ෂනායක වරයා එහිදී මෙසේද සඳහන් කළේය.
 
''සාධරණව බදු ගෙවලා ජීවත්වෙන අතිමහත් බහුතරයකට අසාධාරණයක් වන ආකාරයට අයථා අන්දමින් ආදායම් උපයලා මුදල් සඟවා ගත් අයට ඉතාමත්ම සොච්චම් ප්‍රතිශතයක් ගෙවලා ඒ කළු සල්ලි සුදු කරගන්න ප්‍රතිපාදනයන් අද රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට නිර්මාණය කරන්නට මුදල් පනත හරහා රජය කටයුතු කරලා තියනවා. 
 
පහුගිය කාලේ ඒ අයට යම් යම් දැඩි කොන්දේසි මතයි ඒ කර්තව්‍ය ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම ලැබුණේ. 20% ප්‍රතිශතයක් 30% ප්‍රතිශතයක් යනාදි වශයෙන් ගෙවන්න සිද්ධ වුණා. මෙදා පාර 1% සොච්චම් ප්‍රතිශතයක් මුදක් ගෙවලා කරගන්නට පුළුවන්. 
 
මේ මොකක්ද මේ කරන්නේ. බදු ගෙවන්නන් දිරි ගැන්වීම නොවෙයි බදු පැහැර හරින්නන් තව දුරටත් උත්තේජකයක් හැටියට කටයුතු කරන අනපනත් නිර්මාණය කිරීමයි. සාධාරණව බදු ගෙවලා ජීවත් වුණොත් ඔබට තැනක් නැහැ. ඒක තමයි මේ ආණ්ඩුව රටට දෙන පණිවුඩය. රාජ්‍ය ආදායමක් අඩුවන රටක මේ කරන ක්‍රියාවලිය හරිද? එය සාධාරණද? මේ අශිෂ්ඨ ක්‍රියාවලිය වහාම නතර කරන්න.''
 
 

 
THE LEADER TV 
 
සැලුන් දොර වෙනුවට ලොංඩරි දොර ඇරෙයි!
 
 
කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්