සීනී, සහල් සහ වී මාෆියාව මර්දනයට බව පවසමින් හදිසි නීති නියෝග පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් ආණ්ඩුව ගුරු උද්ඝෝෂකයන් හඹා යාම තීව්ර කර තිබේ.

 
ගුරු-විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට ආණ්ඩුවට බලකරමින් සියලූ ගුරු -විදුහල්පතිවරු ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතව ඇත.
 
කෝවිඩ්  19 වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් විදී උද්ඝෝෂණ නවතා දමා මසකට වැඩි කලක් ගත වුවද ආණ්ඩුව ඒ සඳහා විසදුමක් ලබා දීම දිනෙන් දින පමා කරමින් සිටින බව ගුරු -විදුහල්පති වෘත්තීය සමිති චෝදනා කරති.
 
  
ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන ගුරු සංගම් නායකයන්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව පවසන්නේ උද්ඝෝෂණ හේතුවෙන් කෝවිඩ්  19 අසාදිතව ගුරුවරු මියගියේ යැයි තහවුරු කිරීමට, පොලීසිය යොදා ගනිමින් ගුරු - විදුහල්පතිවරු බියගැන්වීමට ආණ්ඩුව දරන උත්සහාය ඉතා  කනගාටුදායක බවයි.
 
 
"රහස් පොලිසිය මගින් කරන විමර්ශනයකට කරුණු අනාවරණය කර ගැනීමට වාර්තාවක් කැඳවීම" මැයෙන් සැප්තැම්බර් 4  දිනැතිව හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් හොරණ, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරුනට ලිපියක් නිකුත් කරමින් ජුලි 25 සහ අගොස්තු 05 දිනයන්හි පැවති රැස්වීම්, පෙළපාලි හා උද්ඝෝෂණ පවත්වන ලද ස්ථාන, සංවිධානය කළ  පුද්ගලයන්, සහභාගි වූ සංඛ්‍යාව, එම උද්ඝෝෂණ පැවති දිනයෙන් පසුව කෝවිඩ්  19 අසාදිතව මියගොස් හා ආසාදිත වූ ගුරු විදුහල්පතිවරු පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව එම නිවේදනයේ දැක්වේ.
 
"2021.08.04 දින ජනාධිපති ලේකම් කාර්යාලය අසලට රථ පෙළපාලියෙන් පැමිණ විරෝධතාවයේ නිරතව ආපසු යමින් සිටි ගුරුවරු සහ විදුහල්පතිවරු 44 දෙනෙක් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රදවා ගෙන ඇන්ටිජන් පරීක්ෂාවන් කරමින් පොලීසිය උත්සාහ කළේද ඔවුන් අතරින් කෝවිඞ් අසාදිතයන් සොයා ගැනීමට"  යැයි පවසන ගුරු -විදුහල්පති වෘත්තීය සමිති එකතුව පෙන්වා දෙන්නේ, රෝහිත අබේගුණවර්ධන ඇමැති  උද්ඝෝෂණ නිසා කෝවිඩ් ආසාදිතව ගුරුවරු 25 ක් මියගොස් ඇති බවට සැප්තැම්බර් 07 දින පාර්ලිමේන්තුවේදී අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන්ද, ආණ්ඩු හිතවාදී  පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනිය වසන්තා හඳපාන්ගොඩ  උපුටා දක්වමින් ආණ්ඩුවේ ''සිළුමිණ'' පුවත්පතේ පළ කරන ලද අසත්‍ය පුවතින්ද උත්සාහ  දැරුවේ කොවිඩ් 19 ගුරු පොකුරක් නිර්මාණයට බවය.
 
කෝවිඩ්  19 ව්‍යාප්තිය වළක්වාලීමට  නොහැකි වූ ආණ්ඩුවෙන් ගුරු සංගම්  ඉල්ලා සිටින්නේ ගුරු පොකුරු නිර්මාණය කිරීමට උත්සාහ නොදරා කඩිනමින් ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලූවට පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසයි.  
 

THE LEADER TV 
 
සැප ගන්න රුසියාවට ගිය අයගෙන් අපුරු යෝජනාවක් ! 
 
 
අන්ධකාරයේ රිදී රේඛාව
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්