1200 x 80 DMirror
 
 

 
වසංගත ව්‍යසනය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව තව දුරටත් ලබාදෙන්නැයි සුව සේවක සංගමයක් සෞඛ්‍ය
අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
 
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පෙන්වා දී ඇත්තේ පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට විශේෂ කැපකිරීම් කිරීමට සිදුව ඇති බවයි.
 
"විශේෂයෙන්ම වසංගතය නොතකා සේවයට පැමිණීමට, ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානමක් ගැනීමටද සිදුව ඇත."
 
සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි ඉල්ලීම මත කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව ලෙස රුපියල්  7500 බැගින් පසුගිය මාස තුන සදහා ලැබුන බව සදහන් කරන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසන්නේ එම දීමනාව ඉදිරියට ලබාදීම පිළිබදව මෙතෙක් දන්වා නොමැති බවයි.    
 
"එබැවින් වසංගත තත්ත්වය පහව ගොස් නැති නිසාවෙන් මෙම දීමනාව ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු." ටැම්පිටියේ සුගතානන්ද හිමි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.
 

 
THE LEADER TV 
 
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්! 
 
 
ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්! 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්