‘ධාන්‍ය, ධනය, නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා' 

 
ඔව් ඒ රම්‍ය, දෙව් බඹුන් ලොබ කරන සුරම්‍ය දිවයින, මිහිබට සුරපුර, පාරාදීසය නම් ලද පින් කෙත, නිදහසින් පසු ඉතා කෙටි කාලයක් තුල ධාන්‍ය හිඟන, ධන හීන, බෙලහීන, ගස්, ගල්, සතා, සීපා අහිමි, පරාජිත, පිරිහුණු, බංකොලොත් දේශයක් කර ඇත. 
 
එය සිදු වුයේ කෙසේ ද? ඒ අපි බලවත් පුළුල් පරාර්ථකාමී දැක්මක් ඇති ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්ත නායකයන්  වෙනුවට බෙලහීන, පටු, ආත්මාර්ථකාමී දැක්මක් ඇති ගෝත්‍රික අඟුටුමිටි නායකයන් කෙරේ විශ්වාසය තැබූ නිසාමය.
 
ක්‍රමවේදයක් වෙනුවට පුද්ගලයන් මත විශ්වාසය තැබූ නිසාය. පාලකයන්ට පාලනය කරන්නට දී නිහඬව බලා සිටි නිසාය.
 
 
‘අපහට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා’ 
 
තමන්ගේ සහ තම නෑ මිතුරන්ගේ, පටු, ආත්මාර්ථකාමී, තිරිසන්, සැප, සිරි, සෙත සඳහා රටේ, ජාතියේ ජීවනය, රීරි උරා බොන නායකයන් නිසාම 'ජීවනයේ මාතාව', අප මව් රට, මේ වන විට අධ්‍යාත්මික, සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජයික, ආර්ථික,  තාක්ෂණික රෝගාබාධයන්ගෙන් අසාධ්‍යයව, චීනයෙන්, බංග්ලාදේශයෙන්, ඉන්දියාවෙන් එන ඩොලර් සේලයින් බෝතල් මත යැපෙන තත්ත්වයකට පත් කර ඇත.
 
 
'ඔබ වේ අප විද්‍යා, ඔබමය අප සත්‍යා' 
 
විද්‍යාව පසෙකලා මිත්‍යාව සොයා යන, සත්‍යයට පිටුපා අසත්‍යය මත යැපෙන බොරුකාරයන්ගෙන් නායකත්වය පතන මෝඩ ජනතාවක් වන අපට තව දුරටත් උදාර ජනතාවක් මහත් අභිමානයෙන් ගැයිය යුතු මෙම ජාතික ගීය ගැයීමේ අයිතියක් තිබේද? 
 
 
නැත, අපි ඒ සුදුසුකම නැවත ලබා ගත යුතු වෙමු. 
 
අපේ ජාතික ගීයෙන් කියවෙන ඒ සුන්දර රට අපට අහිමිව ඇත. 
 
ඒ ගීයෙන් පවසන අදීන ජාතිය තවදුරටත් අපි නොවෙමු. 
 
අප පත්ව ඇති අසරණ, දුක්ඛිත තත්ත්වය නිසාම ජාතික ගීය ගැයුමට හෝ තරම් නොවෙමු. 
 
 
ඔබ පිළිගන්නවා නම්:   
 
 
#  අද අප ශ්‍රී ලංකාව ලෙස සහ එහි වසන ජනතාව ලෙස ඉතා දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව; .
 
 
#  එම අර්බුදය නිර්මාණය කල උන්ම,  ඉන් අප මුදා ගනු ඇතැයි සිතීම ම උන්මත්තකභාවය බව;
 
 
#  මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ජනතාව වන අප, අප තුලින්ම නව අවංක ප්‍රතිභාපූර්ණ ප්‍රායෝගික නායකයන් සොයා ඔවුන් එකිනෙකාට සහය වෙමින් මතවාදීව ස්වයංපෝෂණය විය යුතු බව; 
 
 
#  අපව මේ වන විට තට්ටු මාරු ක්‍රමයට එක් එක් පුද්ගලයා රවටා ඇති බව සහ තව දුරටත් පුද්ගලයන් මත විශ්වාසය තැබිය නොහැකි බව;
 
 
#  අප රට, අප සහ අපේ අනාගත පරම්පරාව සාර්ථකත්වය කරා ගෙනයාමට හැකි, සාකල්‍යය මෙන්ම විශ්වාසදායක යාන්ත්‍රණයක් අප විසින්ම නිර්මාණය කර, එය අප විසින්ම ක්‍රියාත්මක කල යුතු බව. 
 
 
එසේ නම්:
 
 
අපට අවංක ප්‍රතිභාපූර්ණ ප්‍රායෝගික නායකයන් අවශ්‍යයි:
 
ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී, විනිවිදභාවයෙන් යුත්, තිරසාර සංකල්ප සඳහා කැපවුණු, අවංක, සාකල්‍යය සැලකිලිමත්භාවයකින් යුත්,  සහ ඵලදායී යොමුවක් ඇති ය විය යුතුයි. 
 
ඔබ හැකියාසම්පන්න, ආත්මවිශ්වාසයෙන් පිරිපුන්, නියම  නායකයෙක් හෝ එම තත්ත්වය ට ළඟාවීමට අවශ්‍ය විභවය සහිත අයෙක් නම්,
 
 
එන්න, අපි එකට වැඩ කරමු, එක්සත්ව, එකා සැමටත්, සැම එකාටත් උදව් කර සහයෝගය දෙමින්!
 
webinar 
 
 
 
 
 හමුවේ හැඳුනුම (Meeting ID) - 837 0903 8562
 
 පිවිසුම් කේතය Passcode: 1rAtqS 
 
 භාෂාව (Language) - සිංහල/ඉංග්‍රීසි (පසුව ද්‍රවිඩ බසින් කල පරිවර්තනයක් සම්පාදනය කරනු ඇත.)
 
 
අදහස් දැක්වීම්: 
 
 
වර්තමාන අර්බුදයෙන් ඔබ්බට: ඉංජිනේරු ග්‍රේෂන් ඒ. පීරිස් 
Beyond the Current Crisis: Eng. Gratian A. Peiris 
 
 
වරලත් ඉංජිනේරු, වරලත් පිරිවැය ගනකාධිකාරී, ශ්‍රී ලංකා රාජ්‍යය ඉංජිනේරු සංස්ථාවේ සුනාමි හානි ප්‍රතිෂ්ඨාපන සමයේ සභාපති, මින් පෙර කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක පීඨයේ කථිකාචාර්යය, ශ්‍රී ලංකාවේ පුරෝගාමී 'අගය දාම විශ්ලේෂක', පුද්ගලික අංශයේ ප්‍රධාන විධායක තනතුරු, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ තවත් ජාත්‍යන්තර ආයතන ගණනාවක උපදේශන කටයුතු තුලින් ජාත්‍යන්තර සංවර්ධනයේ සහ දේශීය ආර්ථිකයේ නොයෙක් පැති පිලිබඳ මනා අවබෝධයක් ඇති සැබෑ දේශප්‍රේමියෙක්. 
 
 
 
විසඳුම: සාකල්‍යය සංවර්ධනය - උදාර හේමරත්න ලියනාරච්චි  
Solution: Holistic Development - Mr Udara Hemarathne Liyanarachchi 
 
 
 
වෘත්තීයෙන් බැංකුකරුවෙක් වන  උදාර හේමරත්න ලියනාරච්චි  ඉහළ ඉලක්කයන් හඹායාම පිලිබඳ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක විශේෂඥ සංසදයේ සාමාජික,  ප්‍රායෝගික උපදේශක ප්‍රජාව (බැංකු හා මුල්‍ය) සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ මූලෝපාය 2020 - 2019 සහ වලංගුභාවය පිළිබඳ උපදේශක වැඩමුළුව සාමාජික, සහ  ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන් විසින් පත් කරන ලදි ඊ-රජයේ සමීක්ෂණ නියෝජිතයා සහ තිරසාර සංවර්ධන ගෝලීය පදනමේ නිර්මාතෘ සහ මෙගා මේට්ස් ගෝලීය සංසදයේ සභාපති. 
 
 
 
විශේෂ අදහස් දැක්වීම - ආරාධිත අමුත්තෙක් විසින් 
 Special Remarks - an Invited Guest
 
 
 
දත්ත, විශ්ලේෂණ, විනිවිද යන අදහස්, අභියෝගයන් ඔබ හමුවේ තබන විනාඩි 15 ක් බැගින් වූ ඉදිරිපත්කිරීම් තුනකින් පසුව, ඒ ඇසුරෙන් මතුවන සහ ඉන් එහා ගිය කරුණු පිළිබඳව සූම් තාක්ෂනයේ පිළිසඳර (Chat) ප්‍රවේශය උපයෝගී කර කෙරෙන විනාඩි 60 ක අදහස් හුවමාරුවකි, මෙය. 
 
 
ඉන් අප බලාපොරොත්තු වනුයේ ජාති, ආගම්, භාෂා, කුළ, මල, අධ්‍යාපනය, ලිංගිකත්වය ඈ බෙදුම් වලින් තොර දෙස, බස, රැස පිළිබඳව පුළුල් දැක්මක්, චින්තනයක් ඇති කණ්ඩායමක් මුළු සිරිලක පුරා, ගම් දනව් සිසාරා බිහිකර ඔවුන් බලාත්මක කිරීමට ජනතාගත ජාතික බලවේගයක් නිර්මාණය කිරීමයි. 
 
 
 
Hosted by: 
 
උදාර හේමරත්න ලියනාරච්චි  
Sustainable Development Global Foundation (SDGF)
Directors: Mr. Udara Hemarathne Liyanarachchi, Dr Harsha Wijewardena, Mrs. Sunethra Marapana
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
 
 
ඉංජිනේරු ග්‍රේෂන් ඒ. පීරිස්
Eng. Gratian A. Peiris - Presenter & Facilitator
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 


 
THE LEADER TV 
 
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්! 
 
 
ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්