කොවිඩ් 19 වසංගතයෙන් ජිවිත බේරා ගැනීමට නම් තවත් මසක කාලයක් රට අගුළු දමන ලෙස වෛද්‍ය සංගමය නිර්දේශ කිරීම හමුවේ කම්කරු අයිතීන් හා
සම්බන්ධ රජයේ ආයතන වසා දමා වෙළඳ කලාප කම්කරුවන් අඛණ්ඩවම සේවයට කැඳවීමට එරෙහිව වෘත්තීය සමිති ආණ්ඩුවට විරෝධය දක්වති.
අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වෙළඳ කලාප කම්කරුවන් වැඩට කැඳවා ඇතත් ඔවුන් මුහුණදෙන කිසිදු ගැටළුවක් වාර්තා කිරීමට නොහැකි වී ඇත්තේ රට අගුළු දැමීම යටතේ කම්කරු දෙපාර්තමේන්තුවද වසා දමා ඇති නිසා යැයි රෙදිපිළි, ඇඟළුම් හා නිමි භාණ්ඩ කම්කරු සංගමයේ ලේකම් නෙළුම්මලී දේවසිංහ පැවසුවාය.

පඩි රහිත වැඩ
බියගම නිදහස් වෙළඳ කලාපයේ බොහෝ කර්මාන්ත ශාලාවල කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වුවද, ඒ සඳහා නිසි වැඩ පිළිවෙලක් නොමැති ආණ්ඩුව සියලු වගකීම කර්මාන්ත හිමියන්ට බාර දී ඇති බවද රෙදිපිළි ඇඟළුම් හා නිමි භාණ්ඩ කම්කරු සංගමය කියා සිටියි.
"යාෂ් හැට් ලංකා වගේ ෆැක්ටරි සමහර මාසවල පඩි ගෙවලාත් නැහැ. ගොඩක් ෆැක්ටරිවල හිටිය කම්කරුවන් ගණන දැන් ටිකක් අඩුවෙලා, සමහරු වැඩට එන්නේ නැහැ. තවත් සමහරු කොවිඩ් හැදිලා නිරෝධායනයේ. ඒ හින්දා ඉන්න කම්කරුවන්ට තමන්ට දරන්න බැරි ප්‍රමාණයෙන් ටාගට් කවර් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ගැබිණි සේවිකාවන්ට වැඩට එන්න එපා කියල තිබුණත් සමහර ෆැක්ටරි එයාලවත් වැඩට කැඳවනවා`` යැයි නෙලුම්මලී දේවසිංහ වැඩි දුරටත් පැවසුවාය.
"කොවිඩ් ආසාදිත වුණොත් දවස් 14 ක් නිරෝධායනය කරන්නේ කම්කරුවන්ගේ නිවාඩු කපලා. පඩිය බාගයයි දෙන්නේ. විෂබීජ හරණය කරන්නෙත් නැහැ. ගොඩක් ෆැක්ටරිවල මාස්ක් පවා දෙන්නේ නැහැ, ඒවත් සල්ලි දීලා ගන්න වෙලා තියෙන්නේ කම්කරුවන්ටමයි`` යැයි ප්‍රකාශ කරන ඇය, කටුනායක, නිට්ටඹුව හා කොග්ගල වෙළඳ කලාප කම්කරුවන්ටද රැකියාවලට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ මෙවැනිම පසුබිමක් යටතේ බව ද කියා සිටියාය.

12ක් සේවයෙන් නෙරපයි
වැටුප අඩක් පමණක් ගෙවන, නිරෝධනයට ලක්කළ විට වැටුප් නොගෙවන සහ නිවාඩු කප්පාදු කරන කර්මාන්ත හිමියන් ගැන බහුලව කටුනායක වෙළඳ කලාපයෙන් වාර්තා වේ.
"ක්‍රිස්ටල් මාර්ටින් කම්හලේ අත්හැර දාපු බිල්ඩිමක ඇඳන් 300ක් විතර තියෙන තියෙන නිරෝධායන මධස්ථානයක් පවත්වා ගෙන යනවා. මේකේ ඉන්නේ වැඩිපුරම පිටස්තර කොවිඩ් ආසාදිතයන්. කලාපේ අයව ෆැක්ටරිවලින් නිරෝධායනය කරන්නේ බෝඩිම්වල, නැත්නම් ගෙවල්වල. ඒ අයව මේ නිරෝධායන මධ්‍යස්ථානයට යවන්නේ නැත්තේ ඒකට රුපියල් 1500 ක් අය කරන නිසා" යැයි දන්දෙණිය පැවසුවාය.

ඇය පෙන්වාදෙන ආකාරයට, වැඩ තහනමට හේතුවී ඇත්තේ කොවිඩ් වසංගතය උපයෝගී කරගෙන පාලකයන් විසින් කම්කරු අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව එම කම්කරුවන් මූලික වී වෘත්තීය සමිතියක් ගොඩනැගීම ය.☐
(අතුල විතානගේ -jdslanka.org)
THE LEADER TV
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්!
ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්!