හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද වන රංජන් රාමනායක ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ ට ලිපියක් යොමු කර තිබේ.
රංජන් රාමනායක රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙක් බව හිටපු ජනාධිපතිනිය සිය ලිපියේ සඳහන් කරන්නීය.
"බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් වත්මන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.
මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි ." යනුවෙන්ද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය යැවූ ලිපියේ සඳහන් වේ.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර ඇත්තේ, සැප්තැම්බර් 12 දිනට යෙදී ඇති සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිගේ අවධානය යොමු වෙතැයි සිතන බවද ඔහු පවසා සිටියි.
ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන්නැයි විපක්ෂ නායකයා වරයා විසින් අවස්ථා දෙකකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.
විපක්ෂනයකවරයා විසින් තබා ඇති සටහන මෙහි දැක්වෙයි.
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, රංජන් රාමනායක මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා සිය වරද පිළිගනිමින් අධිකරණ විනිසුරන්ගෙන් සමාව ඉල්ලා ලිඛිත ඉල්ලිමක සිදුකරනතෙක් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුනොකරන බවයි.
ඒ අනුව රංජන් රාමනායක ගේ හිතවතකු හෙට දිනයේ ඔහු රඳවා සිටින බන්ධනාගාරයට ගොස් අදාළ කියවිල්ලකට අත්සන ගැනීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
THE LEADER TV
ඉතිං සර් හදිසි නීතියෙන් පස්සේ මොකද්ද?
Silver linings in the dark clouds of Covid-19