කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල
මුහුදු රළ මීටර් 2.0 – 2.5 ත් පමණ (ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් සහ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාවක් ද පවතින බවයි.
ඒ අනුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාවගෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
වඩදිය සමග මෙම තත්ත්වය ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ අනාවැකි මෙරිල් මෙන්ඩිස් පැවසීය.
මෙය අනතුරුදායක තත්ත්වයක් නොවන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

THE LEADER TV
අන්ඩර්වෙයා තහනම ද්‍රවශිලතාවය ද?
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද?